පිළිකා රෝගය නිසා දැන් අපේ රටේ බොහෝ දෙනෙක් දුක් විඳිනවා.
ඔවුන්ට සනීප වීමට දෙන සමහර ඖෂධ නිසා ඔවුන් ගේ කොණ්ඩෙ පවා ඔවුන්ට අහිමි වෙනවා.
ඉතිං මේ රෝගීන් වෙනුවෙන් දැන් ලංකාව පුරාම ඉන්න තරුණියන් සිය කොණ්ඩය දෙන අයුරු පසුගිය දවස්වල අපට දැකගන්නට පුළුවන් වුණා.
මේ ඉන්නෙත් එහෙම තරුණියක්. ඇය නිකිනි.
නිකිනි තමන්ගේ මුළු කොණ්ඩෙම පිළිකා රෝගීන් වෙනුවෙන් දෙනවා.
ඉතිං මේ රෝගීන් වෙනුවෙන් තමන්ගේ කොණ්ඩය ඔවුන්ට දෙන්න ඔබටත් අවස්ථාව තියෙනවා.
මේ ඇයගේ ඡායාරූප කිහිපයක්.