කන්න දෙන කෑම එකවත් හරියට පිරිසිදුව නොදෙන තැන් අපේ රටේ කොයි තරම්නම් තියෙනවද..?
හැබැයි ඒ කොයි තරම් තිබුණත් මේවට වගකිවයුතු බලධාරීන් ඇස්කන් පියාගෙන ඉන්න එකනම් කණගාටුවට කාරණයක්.
මොකද ඒ වගේ තැන්වලින් අතට බරට හොඳට කුට්ටිය ලැබෙද්දි නොදැක්කා වගේ ඉන්නවා ඇරෙන්න ඒ අය මොනවා කරන්නද.?
සම+හරක්ගේ මේ වගේ වැඩ නිසා අද කොයි තරම්නම් මිනිස්සු ලෙඩවලට ගොදුරු වෙනවා ඇතිද..?
ඒ විදිහට කොළඹ සුපිරි පෙලේ අවන්හලකිනුත් පණුවොත් එක්ක කෑම දුන්නු වීඩියෝවක් මේ දවස්වල අන්තර්ජාලය පුරා හුවමාරු වෙනවා.
මෙමම අවන්හල මේ වෙද්දි වසා දමා ඇති බවයි දැනගන්න ලැබෙන්නේ..
කොහොම වුණත් අපිටනම් කියන්න තියෙන්නේ නම කොයි තරම් උසස් වුණත් කිසි පිරිසිදුවක් නැතිව මිනිස්සුන්ට කන්න දෙන කෑම එක හරියට නොදෙන එකනම් කැත වැඩක් කියලයි.
වීඩියෝව පහතින්…
