ආදරේ කියන්නේ උත්තරීතර හැගීමක්.
ඒත් අද ආදරේ මුදලට, බලයට ලස්සනට වෙනස් වෙන තැනට පත්වෙලා.
සමහරු කාලයත් එක්ක වෙනස් වෙලා යනවා.
ඒත් ඒ හැමදේටම වඩා වෙනස් ආදර කතාවක් ගැන අපිට ඔස්ට්‍රේලියාවෙන් අහන්න ලැබුණා.
විවාහයේ සිට මරණය දක්වාම එකටම සිටි යුවළක් ගැනයි මේ සංවේදී ආදර කතාවෙන් කියවෙන්නේ.
ඇය නමින් Norma june Platell. ඇයගේ සැමියා තමයි Francis Ernest Platell.
අවුරුදු ගාණක් ආදරෙන් ජීවත් වුණු මේ දෙන්නා පසුගියදා එකම මොහොතක අවසන් ගමන් ගිහින්.
මියයද්දි Norma june Platell 90 හැවිරිදි වියේ පසුවූ අතර Francis Ernest Platell 92 වැනි වියේ පසුව තිබුණා.
ඔවුන් විවාහයේ 70 වැනි වසර සමරන්නත් සූදානමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ඔවුන්ගේ මරණ සහතිකයේ මියගිය වෙලාව එකම වේලාව සටහන්ව තිබීමද විශේෂත්වයක්.
අවසන් මොහොතේ Norma june Platellගේ මුවින් පිටව තිබෙන්නේ “මගේ සැමියා” යන වචනය බවයි ඇගේ දියණිය විදෙස් මාධ්‍යයට පවසා තිබෙන්නේ.
ජීවිත කාලය පුරාම ආදරයෙන් බැදුනු මේ යුවළ අවසන් මොහොතේදීත් ආදරයෙන් අවසන් ගමන් ගිය අවස්ථාවේ ඡායාරූප පෙළක්ද අන්තර්ජාලයට නිකුත් වී තිබුණා..
එහි ඡායාරූප පහතින්…