Gossip

“මගේ හිත රිදිලා ඉවරයි.. ඒ නිසා මම ඔහුව අයින් කළා” – සැත්කමින් පසු සොනාලි ටීචර්ට වෙච් දේ

දෙවෙනි ඉනිමේ “සොනාලි ටීචර්” විදියට රටේම ආදරය දිනාගත්ත හිමායා බණ්ඩාර මේ දවස්වල නිතරම ඉන්නේ උපැස් යුවළක් පැලඳගෙනයි.
ඒකට හේතුව විලාසිතාවක්ම නොවෙයි. මීට මාස කිහිපයකට කලින් ඇගේ දෑසේ සැත්කමක් සිදු කරලා.
වෛද්‍ය උපදෙස් මත දෑසේ ආරක්ෂාව වෙනුවෙන් තමයි හිමායා මේ දවස්වල මේ විදියට උපැස් යුවළක් පැලඳගෙන ඉන්නේ.

“පුංචි කා‍ලේ ඉඳන් මට දුර පෙනීමේ යම් දුර්වලතාවක් තිබුණා. ඒක ටික ටික වැඩිවෙලා ටී.වී. බලන්නවත් බැරි තරමට උග්‍ර අතට හැරුණා.
ඊට පස්සේ තමයි පෞද්ගලික රෝහලක නතර වෙලා මේ සැත්කම කළේ. ඒක පැය දෙකක සැත්කමක්. හැබැයි වෛද්‍ය උපදෙස් මත දවස් 7ක් යනතුරු ගෙදරටම වෙලා කණ්ණාඩි දාගෙන ඉන්න වුණා. වාහන පදවන්න, වෙහෙස වී වැඩ කරන්න එපා කියලා තමයි වෛද්‍ය උපදෙස් ලැබුණේ …..”

ඒත් හිමායා පසුගියදාක විදෙස් ගත වුණා නේද ….?
ඔව්. කුවේට්වල පැවැති සංගීත ප්‍රසංගයකට ගී ගයන්න ගියා. ලයිට් එළි මැද ප්‍රසංගයට සහභාගි වෙද්දී ලොකු අපහසුතාවක් දැනුනා. ලොකු කැප කිරීමකින් තමයි ප්‍රසංගයට සහභාගි වුණේ.

ඒ ගමනෙදි හමුවූ රසිකයෙක් එක්ක Facebook හරහා මතවාදයකුත් ඇති වුණා නේද?
එදා ආපහු එද්දී එක පිරිමි ළමයෙක් ගුවන් තොටුපළේදී මගේ ළඟට ඇවිත් කතා කළා. මමත් ඔහුට සුහදව කතා කළා. ඒ වෙලාවේ මම හිටියේ සන්ග්ලාස් දාලා. හැබැයි පස්සේ ඒ පිරිමි ළමයා මගේ පිංතූරයක් අරගෙන FB එකට දාලා හිත රිදෙන Comment එකක් දාලා තිබුණා. “රෑටත් සන්ග්ලාස් දානවා. නිළියක් කියලා ‍පොෂ් වෙන්න හදන්න එපා” කියලා ඔහු සඳහන් කරලා තිබුණා. ඒක දැක්කම මගෙ හිත ගොඩක් රිදුණා.
මම සන්ග්ලාස් දාන්නේ ‍පොෂ් වෙන්න නෙමෙයි, මගේ සැත්කම හින්දා කියලා මම ඔහුට පිළිතුරක් යැව්වා. ඒකෙන් තමයි ගොඩක් අය දැන ගත්තේ මගේ දෑස් සැත්කමකට බඳුන් කරලා කියලා. පස්සේ ඔහු මගෙන් සමාව ඉල්ලලා තිබුණා. ඒත් මගේ හිත රිදිලා ඉවරනේ. ඔහු මගේ Friend list එකෙත් ඉන්න කෙනෙක්. ඒ වගේ රසිකයන් මට වැඩක් නැහැ. ඒ හින්දා මම ඔහුව මගේ මුහුණු ‍පොතෙනුත් අයින් කළා.

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!