මේ කාලය තුළ සිද්ධ වුණු වැදගත්ම දේ තමයි පසුගිය වකවානුව පුරාම එක්සත් ජාතික පක්ෂයේ උවමනා එපාකම් අනුව හැසිරීමට හැකිවුණ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය නැතිවීම බව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා.
ඒ මහතා ඒ බව පැවසුවේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදීයි.
එම කතාවේ පිටපත මේවනවිට මාධ්‍යයට නිකුත් වී තිබෙනවා.
ඔක්තෝම්බර් 26 වනදායින් පසු ඇතිවූ තත්ත්වයන් පිළිබඳ දීර්ඝ ලෙස එහි කරුණු දක්වා තිබෙනවා.
එමෙන්ම ඉදිරියේදීත් ජනතාව තමන් සමග රට බේරා ගැනීමේ මෙහෙයුමට එක්වන බව තමන්ට විශ්වාසයැයිද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
මේ එම සම්පූර්ණ කතාවයි.
