බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය විසින් 2019 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කරමින් සිටින අවස්ථාවේදී මන්ත්‍රීවරු පිරිසක් අසභ්‍ය දර්ශන නරඹමින් සිටි බවට පුවතක් වාර්තා වනවා.
බස්නාහිර පළාත් සභා ශාලාවේ මන්ත්‍රීවරුන්ගේ ආසන ඉදිරියේ ඇති මේස මත පරිගණක යන්ත්‍ර සවිකර තිබෙනවා.
මන්ත්‍රීවරුන් එම පරිගණකවලින් අසැබි දසුන් හා විවිධ වැඩසටහන් නරඹමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පරිගණක සවිකර ඇත්තේ මන්ත්‍රීවරුන්ට අන්තර්ජාලය හරහා අවශ්‍ය දැනුම ලබාගැනීමටයි.
