Gossip

අද පාර්ලිමේන්තුවට එන්න පිරිසකට තහනම්

අද(19) දිනයේ දී පාර්ලිමේන්තුවේ ගැලරිය මහජනතාව ඇතුළු සියලු අමුත්තන් සඳහා විවෘත නොවන බව වාර්තා වනවා.

සාමාන්‍ය පාර්ලිමේන්තු දිනයන්හි දී ගැලරිය මහජනතාවට හා විදෙස් තානාපතිවරුන් මෙන්ම සෙසු පිරිස් වෙත විවෘත වුවත් අද දිනයේ දී එය සීමා කර තිබෙනවා.

ඒ අනුව අද පාර්ලිමේන්තු ගැලරිය විවෘත වන්නේ මාධ්‍ය සඳහා පමණයි.

මේ අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේ සහ ඒ අවට විශේෂ ආරක්ෂාවක් යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා.

පොලිස් විශේෂ කාර්යය බලකා නිළධාරින් ද ඒ සදහා අනුයුක්ත කර තිබෙන බවයි ඔහු කියා සිටියේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!