ගායන ශිල්පී දමිත් අසංක මහතාට ලක්ෂ 03 බැගින් ශරීර ඇප දෙකක් සහිතව අද අධිකරණය මගින් ඇප නියම කෙරුණා.
ඒ වැල්ලවාය ප්‍රධාන මහේස්ත්‍රාත් මහේෂ් වාකිෂ්ඨ මහතාගේ නියෝගයකට අනුවයි.
එමෙන්ම නොවැම්බර් 13 වනදා නඩුව යළි කැඳවීමට නියමිතයි.
දමිත් අසංකව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කෙරුණු වාර්තාවක් අධිකරණයට අද දිනයේ ඉදිරිපත් කෙරුණු අතර අධිකරණය මගින් දැනුම් දී ඇත්තේ එම වාර්තාව වැඩිදුර අධ්‍යයනයක් කිරීමට සළකා බලන බවයි.
ඉදිරිපත් වූ සියලු කරුණු සැළකිල්ලට ගනිමින් දමිත් අසංකව ඔහුගේ මාමාට භාර දෙන ලෙසත් නියෝග කෙරුණා.
කුඩාඔය පොලිසිය විසින් පසුගිය සැප්තැම්බර් 27 වෙනිදා ගායක දමිත් අසංක අත්අඩංගුවට ගනු ලැබුවේ සිය බිරිදගේ නිවස අසලදී කලහකාරී ලෙස හැසිරීමේ සිදුවීමක් මුල්කර ගනිමින්.