දශක ගණනාවක් පුරා පුංචි තිරයෙන් මෙරට ප්‍රේක්ෂක රසික සිත්සතන් පිනවූ දක්ෂ කලාකරුවකු වන කේ. ඒ. පියකරු (කුරුංගුරුන්) මහතා දැඩි රෝගා බාධයකට ලක්වීම නිසා ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය මුදල් උපයා ගැනීම සඳහා මහජන ආධාර ඉල්ලමින් ආධාර පත්‍රයක් රැගෙන මුදල් එක්කාසු කරමින් සිටිනවා.
මෙරට ප්‍රථම රූපවාහිනි සේවය වන ස්වාධීන රූපවාහිනි සේවයෙන් විකාශය වූ ආසියාවේ දිගම නාට්‍ය මාලාව වන කෝපි කඩේ නාට්‍ය මාලාවේ කුරුංගුරුන්ගේ චරිතයට පණ පෙවූ ඒ මහතාට පිටකොන්ද ප්‍රදේශයේ ඇතිව තිබෙන දැඩි රෝගී තත්ත්වයක් හේතුවෙන් අවශ්‍ය වන විශාල මුදලක් එක්කාසු කර ගැනීමට බව කියමින් ඒ මහතා ආධාර පත්‍රයක් අතැතිව මිහින්තලය නගරයට පැමිණ ආධාර ඉල්ලා තිබෙනවා.
පියකරු නිවස හෝකන්දර දකුණ, හෝකන්දර පදිංචි ඒ මහතා සරමක් හා බැනියමකින් සැරසී මිහින්තලය නගරයට පැමිණ ආධාර පත්‍රයක් ලබා දී ආධාර මුදල් ඉල්ලු අවස්ථාවේ බොහෝ දෙනකු විමතියට පත් වී තිබුණි.
දසක ගණනාවක් තිස්සේ රූපවාහිනියේ දුටු දක්ෂ නළුවකු වන කේ. ඒ. පියකරු මහතා ආධාර මුදල් ඉල්ලමින් නගරයේ පිහිටි ව්‍යාපාරික ස්ථානවලට ගොස් ඇති අතර බොහෝ ව්‍යාපාරිකයන් ඒ මහතාව ඉතා උණුසුම් අන්දමින් පිළිගෙන හැකි අයුරින් ආධාර උපකාර සිදුකර තිබුණි.
දක්ෂ කලාකරුවෙකු වූ ඒ මහතා පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මිහින්තලය නගරවාසීන් විමතියට පත් වී තිබුණු අතර රෝගීව සිටින ඒ මහතා පිළිබඳව අවධානය යොමුකළ යුතු බව බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්විය.
