Gossip

පාතාල නායක මධූෂ්ගේ ප්‍රධාන වෙඩික්කරු කොටුවෙයි – එක් ඝාතනයට මධූෂ්ගෙන් ලක්ෂ 05ක් – ඉදිරි ඝාතන සැලසුම් කිහිපයකුත් හෙළිවෙයි

මධුෂාන් ආබෘ නැමැති හෙරෝයින් ජාවාරම්කරුවා අපරාධ බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වනවා.

මොහු ඩුබායිහි සැඟව සිටිමින් දුරකතන සම්බන්ධතා ඔස්සේ මෙරට මත්ජාවාරම් හා මනුෂ්‍ය ඝාතන සිදුකරන පාතාල කල්ලි නායක මාකඳුරේ මදුෂ්ගේ ප්‍රධාන වෙඩික්කරුවකු බවද පැවසෙනවා.

පොලිසියට ලද තොරතුරක් අනුව හෙරෝයින් මිලිග්‍රෑම් 1060 ක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ ගැනුම්කරුවෙකු වෙත ලබා දීමට සුදානම් වන අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු 2018.07.08 ජම්පටා වීදියේදී ගිතා හා රාජා යන අඹු සැමි යුවල වෙඩි තබා ඝාතනය කළ බවත්, 2018.08.03 දින මෝදර තැපැල් කාර්යාලය අසලදී කුඩුකන්නා නැමැති හෙරෝයින් ජාවාරම්කරුගේ පියාට වෙඩිතබා ඝාතනය කළ බවටත් ප්‍රකාශ කර ඇති අතර සී.සී.ටී.වී දර්ශන ඔස්සේ ඒ බව තහවුුරු කරගෙන ඇති බවද සඳහන්.

එසේම මෙම පුද්ගලයා විසින් සිදු කරන එක් මනුෂ්‍ය ඝාතනයක් සඳහා මධූෂ්ගෙන් රුපියල් ලක්ෂ 05 ක මුදලක් ලබා ගන්නා බවත් පසුගිය කාලයේ සිදු කළ ඝාතන ඩුබායි සිට ලැබෙන දුරකථන ඇමතුම් අනුව සිදු කළ බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර මදුෂ් සැලසුම් කර ඉදිරියේදී සිදු කිරීමට තිබූ ඝාතන කිහිපයක තොරතුරුද හෙළිකර ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!