Gossip

ලොකු දුවගේ සැමියා ගෙදර හිටපු පොඩි දුවව අරගෙන පැනලා ගිහින් – පොඩි දුවට අවුරුදු 12යි

හත ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ අවුරුදු 12යි මාස 04ක් වයසැති සිය දියණිය නිවසින් අතුරුදන්ව ඇති බවට මාදම්පේ පොලිසියට මවක් පැමිණිලි කර තිබෙනවා.

නමුත් ඊට දින 10කට පසුව නැවත පොලිසියට පැමිණ තම ලොකු දුවගේ සැමියා විසින් සිය බාලවයස්කාර දියණිය රැගෙන ගොස් ඇති බවටයි එම මව පවසා ඇත්තේ.

තම බාලවයස්‌කාර දියණිය පසුගිය 02 වැනිදා පාසල ශුද්ධ පවිත්‍ර කිරීමට යන බව පවසා තම මල්ලිගේ දියණිය සමග උදේ 7.30 ට පමණ පිටව ගිය බවත් උදේ 9.00 ට පමණ මල්ලිගේ දියණිය පැමිණ තම දුව ඉදලක්‌ ගෙන ඒමට යන බව කියා පාසලෙන් පිටව ගිය බව පැවසූ බවත් ඇය පා ගමනින් මැදගම දෙසට යන බව දැනගන්නට ලැබුණු බවත් පැමිණිල්ලේ සඳහන්.

දැරිය අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන කරමින් තිබියදී පැමිණිලිකාරිය පසුගිය 12 දා මාදම්පේ පොලිසියට පැමිණ නැවත පැමිණිලි කරමින් තම බාල දියණිය ලොකු දුවගේ සැමියා විසින් රැගෙන ගොස්‌ ඇති බවට තොරතුරු ලැබී ඇති බව පවසා තිබෙනවා.

ලොකු දුව හා ඇගේ සැමියා පදිංචිව සිටියේද තම නිවසේ බවත් ඔහු තම බාල දියණියට වැඩි සැලකිල්ලක්‌ තිබුණ බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වනවා. දැරිය හා සැකකරු අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන සිදුකෙරෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!