ආසියානු කුසලාන එක්දින තරඟාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග ඊයේ පැවති තරඟයෙන් අවමන් සහගත පරාජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.
අබුඩාබි හිදී පැවති මෙම තරඟය ඇෆ්ගනිස්ථානය ජයගත්තේ ලකුණු 91කින්.
එමෙන්ම ඇෆ්ගනිස්ථානය එක්දින තරඟයකදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කළ පළමු අවස්ථාව මෙය වනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ දරුණු පරාජයත් සමගම මෙවර ආසියානු කුසලානයෙන් මූලික වටයේදීම ඉවත්වීමට සිදුවුණා.
කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු වූ ජයග්‍රහණය නොලැබීමත් සමග ඔවුන්ගේ අදහස් සමාජජාල මාධ්‍ය්‍යන්වල ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරෙන්න පටන් ගත්තා.
මේ ඒවායින් කිහිපයක්.
