රටම කතා කරන ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර පසුගියදා නිමාවට පත්වුණා.
නැදුන්ගමුවේ රාජා හස්තියා ගැන හුඟදෙනෙක් පසුගිය දවස්වල නිතරම වගේ කතාවුණා.
මේ අස්සේ දළදා පෙරහැරේ අවසන් දින පෙරහැරෙන් පස්සේ පොලිස්පති පූජිත් ජයසුන්දර ගැනත් කතාවෙන්න පටන් අරන්.
ඒ පෙරහැරේ නර්තනයේ යෙදෙන නැටුන් දෙස බලාගෙන එතුමාද නර්තනයේ යෙදෙන අයුරු දිස්වෙන ඡායාරූපයක් නිසා.
මේ ඡායාරූපයට ලියවුණු අපූරු සටහනක්ද අපිට මුහුණුපොතෙන් හමුවුණා.
එම සටහන පහතින්…
සමහරු නම් මේකට නෝන්ඩියට එක එක ඒව ලියල තිබ්බා..
මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඉගෙනගද්දි 11 වසරෙදිම වෙස් බැදපු දක්ෂ උඩරට නැට්ටුවෙක් වෙච්ච මෙතුමාගෙ ඇගේ නැටුම තියෙනවා.
නැටුම් හොදටම කරපු මිනිස්සු දන්නවා බෙර පදේ තදට වදිද්දි ශරීරය නටන්නෙ ඉබේටමයි.
ඒ දීර්ඝ කාලයක් කරලා ඒකට හුරුවෙලා තියෙන නිසා.
මොහු නිලයෙන් ලංකාවෙ පොලිස්පති තමයි.
ඒත් ඇට ලේ මස් තියෙන අපි වගේම මනුස්සයෙක්.
