Gossip

“මට කවදාවත් එයාට සමාවක් දෙන්න බැරිවෙයි.. මම රොෂාන්ව මරලා මාත් මැරෙනවා” – Exclusive

රොෂාන් පිලපිටිය කියන්නේ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය නළුවෙක්.
ඔහුගේ ආදරණීය බිරිඳ තමයි රිද්මා පිලපිටිය..
ඉතිං මොවුන්ගේ අලුත්ම තොරතුරු ගැන හොයලා බලන්න වෙබ් ගොසිප් අපි රිද්මා පිලපිටියට කතා කළා.

මේ දවස්වල මොකද කරන්නේ..?
පොඩි වැඩ වගයකට සූදානම් වෙනවා.. ජිම් යනවා.. ඇවිදිනවා.. ට්‍රිප් යනවා.. ඕවා තමයි ඉතිං…

රිද්මා කවුරුහරි කෙනෙකුට බොරුවක් කියලා ඇති.. කියලා තියෙන ලොකුම බොරුව මොකක්ද..?
යාළුවන්ටනම් ඕනතරම් බොරු කියලා තියෙනවා.. හැබැයි ඉක්මනටම ඇත්ත කියනවා.. නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්නේ…

දුකක් දැනුනම මොකද කරන්නේ..?
එහෙම ලොකු දුකක් දැනුනු සිද්ධියක් නැහැ මගේ ජීවිතේ…

වැඩියෙන්ම සතුටු හිතුන දවස කවද්ද..?
වැඩියෙන්ම සතුටු වුණේ ඉතිං කසාද බැඳපු දවස තමයි….

රොෂාන් එක්ක තරහ වෙලාම නැද්ද..?
තාම නැහැ.. පොඩි පොඩි දේවල්වලටවත් තරහ වෙන්නේ නැහැ.. මට රොෂාන් අයියා එක්ක තරහ වෙන්න බැහැ…

බැරිවෙලාවත් රොෂාන් වෙනත් තරුණියක් සමඟ පෙම් සබඳතාවක් තියෙනවා කියලා අතටම මාට්ටු වුණොත් මොකද කරන්නේ..?
මෙහෙමයි මට සීයක් කොටි ගාණක් ෂුවර් එයා එහෙම වෙන්නේ නෑ කියලා. වැරදිලාවත් එයා එහෙම කරන්නේ නෑ..
හැබැයි එහෙම වුණොත් මම ඒ වෙලාවට මොනවා කරයිද කියලනම් දන්නේ නෑ.. මම රොෂාන්ව මරාගෙන මැරෙනවා.. මට එහෙම හිතෙයි.. මට එයා වෙනුවෙන් මැරෙන්නත් පුළුවන් මරන්නත් පුළුවන්.. එයාට සමාවක් දෙන්න බැරිවෙයි.. හැබැයි එයාගෙන් ඈත් වෙන්නත් බැරිවෙයි..

ආදරේ කරන්න ඕනේ හැඟීමෙන්ද බුද්ධියෙන්ද..?
ආදරේ අන්ධයි කියලා කියනවනේ.. ආදරේදි බුද්ධියත් 30% ක් විතර තියෙන්න ඕනේ.. බුද්ධියෙන් විතරක් ආදරේ කරන්නත් බැහැනේ…

දේශපාලනය ගැන මොකද හිතන්නේ..?
මේ දවස්වල රටේ දේශපාලනයනම් වැඩක් නෑ.. කතා කරන්න ඕනෙත් නැහැ ඒ ගැනනම්…

කලා ලෝකයේ වැඩියෙන්ම කැමති නළුවා කවුද..?
ලංකාවේනම් විජය කුමාරතුංගයන්..

එතකොට රොෂාන්ට කැමති නැද්ද…?
මම එයාව නළුවෙක් විදිහට නෙවෙයි දැක්කේ..
එයා හොඳයි.. මම එයාට කැමතියි කියලා කිව්වොත් මගේ හස්බන් නිසා එහෙම කියනවා කියලා හිතයිනේ..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!