හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) උදෑසන වීරකැටිය මැදමුලන නිවස වෙත ගොස් තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා සමඟ සුහද කථාබහකද නිරත වී තිබෙනවා.
මෙම අවස්ථාවට විජේදාස රාජපක්ෂ මහතා සහ ඉසුර දේවප්‍රිය මහතාද එක්ව සිටියා.
අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු අද (25) සිදු කිරීමට නියමිතයි.
