Gossip

මම සාරංග අයියත් එක්ක ඕස්ට්‍රේලියාවට ගියා – සැබෑ ජීවිතේ වෙලාවකට පෙම්වතියක් වෙලාවකට නැහැ – දිනක්ෂි ප්‍රියසාද්

ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය නිළියක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ. පහුගිය කාලෙට වඩා මේ දිනවල නම් ඇය ටෙලිනාට්‍යය බොහොමයක් හරහා දැකගන්නට ලැබෙනවා. ඉතින් දිනක්ෂි ඇගේ පෞද්ගලික තොරතුරු පුවත්පතක් හමුවේ කියලා තිබුණේ මේ විදියට.

සැබෑ ජීවිතේදිත් දිනක්ෂි අහිංසක පෙම්වතියක්ද?
සමහර තැන්වලදී අහංසකයි. හැබැයි ඉතින් හැමවෙලාවෙම අහිංසක වෙලත් බැහැ.

හිටපුගමන් දිනක්ෂිව පේන්න නැත්තෙ ඇයි? මොකද සැරෙන් සැරේට විදෙස්ගත වෙන්නේ?
පසුගිය කාලයේදී වරින්වර ප්‍රසංගවලට රට යන්න සිද්ධ වුණා. ඒ අතරේ නර්තන ප්‍රසංග වගේම සමහර වෙලාවට සින්දු කියන්නත් ආරාධනා ලැබෙනවා. හැබැයි පහුගිය ටිකේම විදෙස්ගත වුණේ නර්තන ප්‍රසංගවලටයි.

දිනක්ෂි වැඩිපුරම රට යන්නේ කා එක්කද?
ඒ රටේ ප්‍රසංග සංවිධායකවරුන්ගේ ඉල්ලීම් හා ආරාධනා මත තමයි අපි සහභාගී වෙන්නේ. සමහර වෙලාවට කණ්ඩායම් එක්කත් මම සංචාරය කරනවා. හැබැයි පහුගිය කාලයේදීම ලැබුණේ ආරාධිත කලාකාරියක් විදිහට තමයි. පිටරටවල ඉන්න අපේ නංගිලා මල්ලිලාගේ නර්තන කණ්ඩායම් එහෙමත් තියෙනවනේ. ඒ නිසා වැඩිපුරම අපි එකතු වෙන්නේ ඒ නර්තන කණ්ඩායම් එක්ක තමයි.

ආයෙමත් විදෙස් සංචාරයක නිරත වුණා?
ඔව්.. ඒ ගියේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මියැසි රංගන කියලා ප්‍රසංගයක් තිබුණා. ඒ ප්‍රසංගයට ලංකාවෙන් මටයි සාරංග අයියටයි තමයි ආරාධනා කරලා තිබුණේ. ඉතින් මම සාරංග අයියත් එක්ක ඕස්ට්‍රේලියාවට ගියා. අපි දෙන්නට ආරාධිත රංගන ශිල්පීන් විදිහට තමයි ආරාධනා කරලා තිබුණේ. ඕස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලාංකික පිරිස අසූවක් විතර විවිධ ඉදිරිපත්කිරීම් කළා. ඉතින් එදා මම නැටුම් අංග පහක් විතර කළා. සාරංග අයියා සින්දු කිව්වා වගේම නර්තනයත් කළා. ඉතින් එදා හැමෝම සතුටු වුණා.

ඇත්ත කියන්න… දිනක්ෂි දැන් පෙම්වතියක්?
නෑ. තවම නැහැ. හැබැයි හැම නාට්‍යයකම ආදරය කරන්න තමයි ලැබෙන්නේ. සැබෑ ජීවිතේ වෙලාවකට පෙම්වතියක්. වෙලාවකට නැහැ. මේ දවස්වලනම් නැහැ.

මාලනී ෆොන්සේකා කලාකාරියගේ කලා ජීවිතයට වසර පනහක් පිරෙන උපහාර උළෙලේ දිනක්ෂියි, ශනුද්‍රියි නර්තනයක් ඉදිරිපත් කළානේ. දැන් දෙන්නම එකට නටනවා නේද?
නංගියි මායි නටන්නේනම් ගෙදර පුංචි කාලේ ඉඳන්ම තමයි. ඒකට අපිට වෙලාවක් තැනක් කියලා නෑ. නංගිලා දෙන්නටයි, මටයි වෙලාවක් ලැබෙන හැමවෙලේම සින්දුවක් දාගෙන අපි නටනවා. සමහර වෙලාවලට අපි කුස්සියේ නටනවා. සාලේ නටනවා. අපේ කාමරේ නටනවා.

අක්කයි නංගියි දෙන්නම දැන් හොඳ නිළියොනේ. දෙන්නට එකට රඟපාන්න අවස්ථාව මෑත කාලයේදී ලැබුණේ නැද්ද?
එහෙම අවස්ථාවක් ලැබිලයි තියෙන්නේ. ඒ සඳරුවන් ජයවික්‍රම අයියගේ නාට්‍යයක. ඒකේ කොටස් කිහිපයක රූගතකිරීම් මම කළා. ඒකේ ඉදිරියට එන චරිතයකට නංගිත් ඉන්නවා. ඉතින් ඊට පස්සේ අපි දෙන්නටම එකටම රඟපාන්න අවස්ථාව ලැබේවි. ඒකේ මායි නංගියි වගේම සාරංග අයියත් රඟපානවා. සාරංග අයියගේ නංගිගේ චරිතයට තමයි ශනූ ඉන්නේ. ඒ නිසා සමහරවිට අපි දෙන්නටම එකට රඟපාන්න අවස්ථාව ලැබේවි.

දිනක්ෂි මේ දවස්වල වැඩ කටයුතුත් එක්ක ගෙදර රැඳෙන්න තියෙන කාලය හරි අඩුයි නේද?
ඔව්.. ගෙදරනම් එහෙම ලොකු කාලයක් ඉන්න ලැබෙන්නෙම නැහැ. මම හරි ආසයි ගෙදරට වෙලා ඉන්න. අම්මගේ රහ කෑම කකා නංගිලා දෙන්නා එක්ක ගෙදරට වෙලා ඉන්න ආසයි. ඒ වුණාට බාරගත්තු වැඩ සහ ඒ නාට්‍ය විකාශනය වෙන නිසා ටිකක් වැඩ වැඩියි.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!