රංගන ශිල්පිණි මහේෂි මදුශංකා සහ තානාශා හතරසිංහ ගුවන් ගමනකදී සිදුකළ ක්‍රියාවක් ගැන හැමතැනම වගේ පැතිරෙනවා.
එහි සඳහන්ව තිබුණේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පළමු නිළධාරියෙක් වශයෙන් සේවය කරනා පුද්ගලයෙක් තනාශා හතරසිංහ සහ මහේෂි මදුශංකා රැගෙන සිංගප්පූරුව බලා පියාසර කළ බවයි.
සිය සබදතා භාවිතා කරමින් ගුවන් යානයේ පාලක මැදිරියට රැගෙන ගොස් මගී ජීවිත අනතුරේ හෙලූ බවද එහි සඳහන්ව තිබුණා.
කොහොම වුණත් මෙම සිද්ධිය හැමතැනම වගේ පැතිරෙද්දි ඒ කතාව බොරුවක් බව පවසමින් එම පුවත් පතුරවන අයට මේ විදිහේ පිළිතුරක් මහේෂි දීලා තිබුණා.
ඊයේ දිනයේදි ලංකාවේ ## ගොසිප් නම් එකක මමත් තවත් රංගන ශිල්පිනියකුත් සිංගප්පුරැ බලා යාමේදී ගුවන්යානයේ පාලක මැදිරියට ගොස් තවත් ඉහල නිලධාරියෙක් සමග ගුවන්ගමන පුරාවට අවිනීතව හැසිරැන බවට පුවතක් පලවී ඇතිබව දැනගත් මා ප්‍රථමයෙන් පුදුමයට පත්වී දෙවනුව හියියෙන් සිනාසුනෙමි…
මක්නිසාද යත් අසහනයට පත් මිනිසුන් මුදල් වෙනුවෙන් තමන්ගේම රටේ තමන්ගේම ජාතියේ කාන්තාවකගේ චරිතය අමු අමුවෙ සාවද්‍යය ලෙස ඝාතනය කරනු දැක පුදුම වී….ඇත්ත දන්නා මා විසින් මේතරම් මිනිසුන් කුහක දැයි සිතා සිනාගියෙමි..
අපි වෘත්තීමය රංගනශිල්පීන් වෙමු..අපි අන් රටකට යන්නේ අපේ රටේ ආත්මගෞරවය අපේ රටේ නාමය අපේ හිසමත තබාගෙන බව අපි කෙලෙසකවත් අමතක නොකරමු…
ඒ නිසාවෙන් සාමාන්‍යය පුරවැසියෙකුට වඩා අපි වගකීමෙන් හැසිරීමට දනිමු…ඒ නිසාවෙන් මෙවැනි පහත් දෙයක් කරනු තියා කරන්නට සිතක් වත් අපිට පහල වන්නේ නැත…
අපි සිංගප්පූරැ ආවෙමු..අපි පාලක මැදිරියටද ගියෙමු..එහෙත් ගුවන්යානය සිංගප්පූරැවට ගොඩබාන අවස්ථාවේදී පමණි…එසේ කලේද ගුවන් කාර්යමණ්ඩලය අපගේ රසික රසිකාවියන් වීම නිසා ඔවුන් ලබාදුන් විශේෂ වරප්‍රසාදයක් ලෙසයි..
එම වරප්‍රසාදය ලබාගත් එකම පිරිසත් පළමු පිරිසත් අවසන් පිරිසත් අපි නොවන බව දන්නා මිනිසුන් දනී…
ගුවන් කාර්යය මන්ඩලයේ කෙනෙක් දන්නා ඕනෑම පුද්ගලයෙක්ට එම අවස්ථාව ලබාගත හැක..අපිද සාමාන්‍යය වැසියන් ලෙස එම දර්ශනය දැකීමට කැමැති වීමු…එය වරදක්ද?
එහෙත් මේ මුදල් වෙනුවෙන් කාන්තාවකගේ ආත්මය කෙලසන “## ගොසිප්” පවසන පරිදි අපසමග ගිය තුන්වැන්නා කවුරැන්දැයි තාමත් අපි නොදනිමු…මඩ ගසන්න ගසන ඔබේ දෑතේ ඊටත් වඩා මඩ තැවැරෙයි..අපි පරම පවිත්‍ර බෞද්ධයන් වෙමු…කර්මය අපි තදින් විස්වාස කරමු…තම මව මෙන් තම සොයුරියක් මෙන් සම තැන සිටින කාන්තාවකට අසභ්‍ය ලෙස බොරැ ගොතමින් මඩ ගසන පාපය කර්මයක් වී එන විට “## ගොසිප්” මහත්ම මහත්මියනි ඒ කර්මයෙන් ගැලවීමට නොහැකිවනු ඇත…ඇත්ත ඇති සැටියෙන් කියන්න…වරදට මඩ ගසන්න…ඒත් නොකල වැරදි වලට අහිංසක චරිත ඝාතනය නොකරන්න…
අවසාන වසයෙන් මෙසේ කියමි..මම ලාංකික කාන්තාවක් වෙමි….ලංකාව තුලදීත් ඉන් පිටදීත් මම ලාංකික කාන්තාවකගේ ගෞරවය රකිමි..ඒ වෙනුවෙන් පෙනීසිටිමි…අපි කුමක් කලත් එය අපේ හදවතේ සැමවිටම ඇත…
තමන්ගෙ පේජ් ඒකේ විවුස් වැඩිකරගන්ඩ අනුන්ගෙ චරිත ගාතනය කරන ගාතකයන් ගැන අනුකම්පා කරන්න. ඔවුන් කරන දේවල් ඔවුන් ගෙනයයි. ඔබේ ගමන ඔබ යන්න. සුබ ….. ❤️❤️
රසික රසිකාවියන් උනාට එහම යන්න දෙන නීතියක් නැනේ.. යානයේ ආරක්ෂාවට බලපානවනේ. කාර්ය මණ්ඩලයට විතරයිනේ යන්න පුලුවන්න්.. අදමයි ඇහුවේ samannya අයට යානය ගුවන් ගත වෙන ගමන් එහම ඇතුලට යන්න බැහැනේ.. දඩුවම් ලැබිය හැකි වරදක්.
අනුන් මොනව කළත් අපිට මොක්ද. අනුන්ගෙ දේවල් හොය හොය සල්ලි හොයන සත්තු. උන්ගෙ වැඩක් බලාගෙන හිටියනම් ඉවරනේ. අනුන්ගෙ දේවල් අපිට මොකටද. මේ රට අද මේ වගේ තත්වෙක තියෙන්නෙ තමන්ට කිසිම වැඩක් නැති මගුල් හොයන අසහනකාරයො නිසා තමයි..
