ගම්පොළ කැලෑබද ප්රදේශයක බියර් බොමින් පෙම් කළ තරුණියන් දෙදෙනෙකු හා තරුණයන් දෙදෙනෙකු ගම්පොළ පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
අදාළ තරුණියන් දෙදෙනා 19 වන වියේ පසුවූ අතර තරුණයින් දෙදෙනා 22 වන වියැති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් ලැබී ඇති තොරතුරකට අනුව මෙම කැලෑ ප්රදේශය වටලන විටත් මෙම පිරිස ලඟ බියර් බෝතල් තිබී ඇති බවයි පැවසෙන්නේ.
ගම්පොළ රත්මල්කඩුව ප්රදේශයේ පදිංචි මෙම සිවුදෙනා මෝටර් රථයකින් මෙම ස්ථානයට පැමිණ තිබෙනවා.
බියර් පානය කිරීම නිසා වෙරි වී සිටි තරුණියන් දෙදෙනා සමග තරුණයන්ද අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයේ තබා වෙරි හිඳුනු පසු ඔවුන්ට දැඩිව අවවාද කොට නිවෙස්වලට යැවීමට කටයුතු කර තිබෙනවා.