ඊයේ දිනයේ ප්‍රංශය සමග පැවැත්වුණු තරඟයෙන් ක්‍රොඒෂියා කණ්ඩායම පරාජයට පත්වූ නමුත් ඔවුන් සැබෑ අනුශූරයන්ය.
අපි මේ කියන්න යන්නේ ක්‍රොඒෂියා කණ්ඩායමේ නායකයා ගැනයි.
ඔහු ලූකා මොඩ්රිච් ( Luka Modric).
මෙවර වටිනාම පාපන්දු දු ක්‍රිඩකයා බවට ද ඔහු සම්මානයට පාත්‍රවුනා..
ඒ් අනුව රන් පාපන්දුව මෙවර දිනාගැනීමට හැකිවූයේත් මොහුටයි.
කෙසේවෙතත් මොහුගේ ඉතිහාසයනම් එතරම් සුභදායක කතාවක් නෙවෙයි.
වයස අවු 06 දී ඔහුගේ සීයාව වෙඩිතබා මරා දමන අතර ඔහු සහ ඔහුගේ පවුල යුධ අනාතයන් බවට පත්වනවා..
ඔහු ජීවත් වුනේ බෝම්බ පුපුරන හඩ මැද්දේ අධිකව යුධ පැවැති කලාපයකයි..
පාපන්දුවට ඇති ආශාව නිසා ක්‍රීඩා කිරිමට පටන් ගත්තද. පුහුණුකරුවන් පැවසුවේ ඔහු ක්‍රීඩා කිරිමට ඉතාමත් දුබල බවත් ලැජ්ජාශිලිබවත්ය කියාය..
හැබැයි Luka Modric මෙවර තමන්ගේ කණ්ඩායම පළමුවරට ලෝක කුසලාන අවසන් තරගයට ගෙන ආවා.
කෙසේවෙතත් මෙවැනි දුෂ්කරතා මධ්‍යයේ වුවත් ලූකා මොඩ්රිච් සිය ජීවිතය දිනාගෙන ඇත. තමන් මුහුණ පෑ අභියෝගයන්ම ඔහුව ශක්තිමත් පුද්ගලයෙක් කර ඇත.
ඔහු මේ හැමදේම ගැන මාධ්‍යයට කියලා තිබුණේ මේ විදියට.
“යුද්ධය නිසා මාව ශක්තිමත් වුණා. මටත් මගේ පවුලේ අයටත් එය දරාගන්න අමාරු වුණා….මට ඒ සදාකාලිකව ඇදගෙන යන්න අවශ්‍ය වුනේ නෑ… හැබැයි ඒ ගැන මට අමතක කරන්න අවශ්‍යත් නෑ”