Gossip

“අයියට ගහල නළල තුවාල වුණා- අම්මගෙ ඔළුව දෙපාරක් පළල තියෙනවා – සීයව තල්ලු කරල උකුල් ඇටේ කැඩිලා”- ප්‍රියානි ජයසිංහගේ සැමියාගේ කැරට්ටුව හෙළි වෙයි

ප්‍රියානි ජයසිංහව මරා දාල… අනේ පව් හරිම අහිංසක කෙනෙක් එයා…හැමදාම ඔය ගෙදර රණ්ඩු… ඔය මිනිහ මහ එපා කරපු එකෙක්…

තැන තැන ඇසෙන්නට වූ මෙවැනි කතා වැඩිවන්නට වූයේ කාගේත් ආදරය දිනා ගෙන සිටි ප්‍රවීණ ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියට සිදු වූ සාහසික අපරාධය නිසාය. ඒ පසුගිය 08 දා රාත්‍රියේදීය. තම පුතුගේ මාස දෙකක් වයසැති සිගිති දියණිය තුරුලට ගෙන නිදා සිටි ඇයට සිදු වූ මේ විපත කාටත් අදහා ගැනීමට අසීරු වූ පුවතකි.

දෙදරු මවක් වූ ප්‍රියානි මහත්මියගේ වැඩිමල් පුතු ජපානයේ අධ්‍යාපන කටයුතුවල නියැළෙමින් රැකියාවක් කළ අතර රැකියාවක් නොමැති දෙවන පුතු විවාහ වී බිරිඳ සහ මාස දෙකක දියණිය සමග සිටියේ ඇගේ නිවසේය. ඒ පානදුර අලුබෝමුල්ල කුඩා අරුක්ගොඩ සිනමන් ගාඩන් ලිපිනයේය. පොඩි පුතුගේ පවුල් ජීවිතය සාර්ථක කර ගැනීමට ආර්ථික ශක්තියක් වූ 51 හැවිරිදි වියේ පසු වූ ඇය දහසක් කලාකාමි රසිකයින්ගේ හදවත් මියුරු ගී නදින් සැනසුවත් ඇය ගත කර ඇත්තේකඳුළු හංගාගෙන දුකින් පිරුණ ජීවිතයක් බව පැහැදිලි වන්නේ ඇගේ මේ අවාසනාවන්ත වියෝවත් සමගිනි.

”මම කවදහරි ඕකිවත් මරල මමත් මැරෙනව. තාත්ත අපේ අම්මත් එක්ක එහෙම කියල තියෙනව.”

නිතර මත්පැන් පානය කරන ඇගේ සැමියා ඇය සමග කුමක් හෝ අල්ලාගෙන රණ්ඩු කර ගැනීම සිරිතක් වී තිබිණ. බීමත්ව නිවසට පැමිණෙන්නට එපා යයි කොතරම් කිව්වද එය ගණනකට නොගත් ඔහු නිවසේ සාමය සතුට පලූදු කරමින් හැසිරි ඇත්තේ දරුවන්ටද හිංසා පීඩා කරමිනි.

”අයියට ගහල නළල දිගට ඉරක් වගේ පැලිල තුවාල වුණා. අම්මගෙ ඔළුව දෙපාරක් පළල තියෙනව. සීියව තල්ලූ කරල උකුල් ඇටේ කැඩිල. දැන් රෝද පුටුවෙන් යන්නෙ.”

සීදේවිය වෙනුවට මූ දේවිය කැන්දාගෙන නිවසට ගොඩවෙන ඔහු කළ හපන්කම්වලින් අල්පයක් පමණි ඒ. පුංචි කැදැල්ල ගිනි ගැනුණේ එකවරම නොවේ සීරුවෙන් සීරුවටය. සංගීත සංදර්ශනවලට ඇය සහභාගිවීම පවා නොරිස්සු ඔහු, නිතරම ඇයගේ ජනප්‍රියත්වය හංගා ඇගේ හැකියාවන් සිරගත කිරීමට වෙහෙසුණේ ඔහු අබිබවා ඇය නැගී සිටීමේ හේතුවෙන් ඇති වූ සියුම් ඉරිසියාවට වන්නටත්පුළුවන. කෙසේ හෝ ඇය පොලිසියේ පිහිට පතන්නේ බැරිම තැනය.

ඔහුට නිවස තහනම් කලාපයක් වෙන්නේ මේ අනුවය. වසරින් වසර මෙම තහනම් නියෝගය අලූත් කර ගන්නා ප්‍රියානි මහත්මිය ඔහුගෙන් සිදුවෙන ගැහැට වළක්වා ගනිමින් දරුවන්ගේ දුක සැප බලාගෙන තමන්ගේ පාඩුවේ ජීවත්වෙන්නට උත්සාහ කළාය. එහෙත් සැමියාගෙන් නම් ඊට ඉඩක් ලැබුණේම නැත. වරින් වර පැමිණ ඇයට නොයෙක් තාඩන පීඩන සිදු කිරීම ඔහුගේ සිරිත බවට පත්ව තිබිණ.

රැකියාව ලෙස කුෂන් වැඩ කළ ඔහු ඇගේ ජනප්‍රියත්වය හමුවේ ඇයට ඉරිසියා කරන්නටත් ද්වේෂ කරන්නටත් පෙලඹිම නිසා පවුල් ජීවිතය අවුලෙන් අවුලටම පත්ව තිබිම කාටත් රහසක් වි නොතිබිණ.

”අම්ම හිටියෙ හැම තිස්සෙම බයෙන්. තාත්ත ඉන්න වෙලාවට ලෝචන ගෙදර නැත්නම් මමයි අම්මයි බබයි හිටියෙ මේ ළඟ ගෙවල්වල. එදත් උදේ ඉදල තාත්ත ගෙදර හිටිය හින්ද අපි හිටියෙ ළඟ ඇන්ටිලගෙ ගෙදර.”

ඔහුට පනවා තිබූ වසරක උසාවි නියෝගය පසුගිය මාසයෙන් අවසන්වීමත් සමග නැවත නිවසට පැමිණි ඔහු මින් පසු නොබොන බව පැවසුවත් එහි අඩුවක් සිදු වූයේ නම් නැත. නිතරම මේ නිවසින් ඇසෙන රණ්ඩු සරුවල් ගැන ඇහුම්කන් දෙන්නට අසල්වැසියන්ටද වුවමනාවක් නැත්තේ ඒවා පවුලේ ප්‍රශ්න නිසාය. මේ නිසා ඔවුන් ගත කර ඇත්තේ මරණ බය කරපින්නාගෙන බව පැහැදිලි වන කරුණකි. ඇය මීට සතියකට පමණ පෙර භාවනා වැඩසටහනකට සහභාගිවීමද විශාල වරදක් ලෙස දකින්නට ඔහුට හේතු කාරණාවක් වූ තැන නැවතත් වචන හුවමාරු වැඩිවෙන විට උසාවි නියෝගය අලූත් කර ගත යුතු බවට තීරණය කළ ප්‍රියානි මහත්මිය ඒ සඳහා වෙහෙසුණාය. නමුත් කුමක් හෝ අවාසනාවකට ඇයට 09 දා ඒ ගමන යන්නට මරුවා ඉඩ දී තිබුණේ නැත.

පසුගිය 08 දා රාත්‍රියේ ලේලිය දරුවා නිදි කරවා සාලයේ රුපවාහිනිය නරඹමින් සිටියදි ප්‍රියානි මහත්මිය සිටියේ දරුවා සමග යාබද අදේය. ඇගේ පුතා අසල වෙළදසලට යන්නට නිවසින් පිටත් වූයේ ඒ අතරය.

”රෂිනි රෂිනි කියල අම්ම කෑගැහුවා. මම දුවල ගිහින් අල්ලපු ගෙදර නැන්දට කියල මහත්තයටත් කෝල් කරල කිව්ව.”

අසල්වැසියන් සහ පුතු එක්ව ඇය වාහනයකින් රෝහලට රැගෙන යන්නේ ඉන් පසුවය.

”මං ඉවරයි මං ඉවරයි කියල අම්ම අමාරුවෙන් වගේ කිව්වා. හුස්ම ගන්න බෑ කියලත් අම්ම වාහනේ යන ගමන් මගදි කිව්ව. අම්මගෙ බෙල්ලෙ තුවාලයක් තිබුණා. මම ඒකට මගෙ කමිසෙ තියල තද කරගෙනයි ගියේ. අම්මගෙ තොල ළඟ ඉඳල නිකට දිහාටත් කැපිල තිබුණ.”

ලේ තැවරුණ කතුරක වම් කොටස ඇගේ කාමරයට ඇතු`ඵ වෙන දොර අසල තිබි හමුවන්නේ ඇයට සිදු වු දේ පැහැදිලි කරමිනි.

සියල්ල සන්සුන් වන්නේ මේ අනුවය. අනියත ජීවිතයේ මරණය නියත බව සැබෑ වුවත් රටක් වසඟ කළ මධුර මනෝහර ගී නාදයක් ගොළු කර දැමුවේ හිත්පිත් නොමැති ලෙස මේ අයුරිනි.

මේ සියල්ල සිදු කර පලා ගිය ඝාතකයා පානදුර දුම්රියපළ අසල ගැවසෙමින් සිටියදි පසුදින පොලිස් අත්අඩංගුවට පත්වෙන්නේ අපරාධයක් සිදු කර සැගවී සිටීම අසීරු බව පසක් කරමිනි. ඔහු විසින් කුරිරු ලෙස ඇගේ මිහිරි හඬ නිහඬ කළද ඇය ගැයූ ගී කිසිදින ඇගේ රසික රසිකාවියන්ගේ හදවත්වලින් ගිලිහී නොයන බව නම් සැබෑය.

පානදුර වැඩ බලන මහෙස්ත්‍රාත් සුනේත්‍රා ප්‍රනාන්දු මහත්මිය සිද්ධිය වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය සිදු කර අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පානදුර රෝහලේදී සිදු කරන ලෙස පොලිසියට නියෝග කළාය.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, කොට්ඨාස භාර පොලිස් අධිකාරි පී.ආර්.පී. සේනානායක, සහකාර පොලිස් අධිකාරි සුසිල් විජේගුණවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස්, මගපෙන්වීම සහ අධීක්ෂණයෙන් පානදුර මූලස්ථාන ප්‍රපොප තුෂාර ද සිල්වා, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.පග රෝහණ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරති.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!