සුප්‍රකට පොප් ගායිකා විට්නි හොස්ටන්ගේ දියණිය වන බොබි ක්‍රිස්ටිනා බ්‍රවුන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇය ජෝජියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය ජනවාරි 31 වනදා බොබි ක්‍රිස්ටිනා බ්‍රවුන් සිය නාන කාමරය තුළදී සිහිසුන්ව ඇද වැටී සිටියදී සොයාගනු ලැබුණි.
එතැන් පටන් මියයනතුරුම ඇය කෝමා තත්ත්වයෙන් පසු වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මියයන විට බොබි ක්‍රිස්ටිනා බ්‍රවුන් 22 වන වියේ පසුවුණි.