සූර්යයා දැක්වෙන නාසා ආයතනයේ ඡායාරූපයක අතිවිශාල පිටසක්වළ යානයක් දක්නට ලැබෙන බව පිටසක්වළ යානා ගවේෂකයින් පවසයි.
නාසා ආයතනයේ සෝහෝ නිරීක්ෂණාගාරය විසින් ජුලි 15 වනදා නිකුත් කරනු ලැබූ ඡායාරූපයක මෙය දක්නට ලැබෙන බව පැවසේ.
UFO Sightings Daily වෙබ් අඩවිය පවසා ඇත්තේ නාසා ආයතනයෙන් මේ පිළිබඳ විමසුවද ඔවුන් කිසිවක් නොපවසන බවයි.
සූර්යයා අසල ඇති යානයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 216000 ක් පමණ වෙතැයි ඔවුන් පවසා ඇති අතර එය ඇමරිකාවේ ඉඩාහෝ ප්‍රාන්තයට සමාන ප්රමාණයකි.
මෙම වස්තුව අභ්‍යවකාශ අපද්‍රව්‍යයක් හෝ ගලක් වීමට නොහැකි බවත් එහි ව්‍යූහයක් දක්නට ලැබෙන බවත් පිටසක්වළ යානා දඩයමේ යෙදී සිටින වෙබ් අඩවියේ අදහසයි.
එය කිසිවක් නොවන බවට නාසා ආයතනය විසින් නොතකා හැරීම මහජන බුද්ධි ක්‍රියාකාරීත්වයට නිගරු කිරීමක් බවද ඔවුන් පවසා තිබේ.
1995දී ආරම්භ කරන ලද සෝහෝ ව්‍යාපෘතිය නාසා හා යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන අතර සූර්යයාගේ අභ්‍යන්තර ව්‍යූහය, එහි බාහිර වායුගෝලය හා සූර්ය සුළංවල ප්රභවය පිළිබඳ හැදෑරීම එහි ප්රමුඛ අරමුණු වේ.
මේ අතරම එය අංක එකේ ධුමකේතු සොයාගන්නාද වී ඇති අතර නිරීක්ෂණ කටයුතු ඇරඹීම සමග එය විසින් ධුම කේතු 2700ක් සොයාගෙන ඇතැයි වාර්තා වේ.