හොලිවුඩ්

අන්තර්ජාලයේ ජංජාලයක් – පෙම්වතියන් සෙවූ මි.37ක තොරතුරු හෙළිවෙයි

‘ඈශ්ලි මැඩිසන්’ නැමැති ස්වාමි පුරුෂයන් හට සිය සහකාරියන්ට හොරෙන් පෙම්වතියන් සොයා ගැනීම සඳහා පහසුකම් සලසන වෙබ් අඩවිය සතු සේවාදායකයන්ගේ පෞද්ගලික තොරතුරු හැකරුන් කණ්ඩායමක් විසින් සොරකම් කර තිබෙනවා.

එම වෙබ් අඩවිය පරිහරණය කරනු ලබන සියලුම සේවාදායකයන්ගේ රහස්‍ය ලිංගික ෆැන්ටසියන් ඇතුළු තොරතුරු සහ බැංකු ණය කාඩ්පත් හරහා සිදු කළ මුදල් ගෙවීම්වලට සම්බන්ධ විස්තර ලබා ගැනීමට හැකි වූ බවයි අන්තර්ජාල හැකරුන් පවසන්නේ.

‘ඈශ්ලි මැඩිසන්’ වෙබ් අඩවියට හැකරුන් ඇතුළු වී ඇති බව පිළිගෙන ඇති එහි වෙබ් ක්‍රියාකරුවෝ සිය සේවාදායකයන් සතු සියලු තොරතුරු සොරකම් කර නොමැති බවයි පවසන්නේ.

කැනඩාව මූලස්ථානයකර ගත් මෙම වෙබ් අඩවිය පරිහරණය කරන පුද්ගලයන්ගෙන් සුළු ප්‍රතිශතයකගේ තොරතුරු අන්තර්ජාලයට එක් කොට ඇති බව පැවසෙනවා.

මේ අතර සොරකමට සම්බන්ධ හැකරුන් කණ්ඩායම කියා සිටියේ වෙබ් අඩවිය පරිහරණය කරන පුද්ගලයන්ගේ නම් සහ ලිපිනයන් ඇතුළත් සත්‍ය තොරතුරු තමා වෙත ලබා ගැනීමට හැකි වූ බවයි.

සිය ගිණුම් මකා දැමීම සඳහා මුදල් ගෙවූ පුද්ගලයන්ගේ තොරතුරුද ඊට ඇතුළත් බව හැකරුන් කණ්ඩායම පවසා තිබෙනවා.

මේ අතර මුදල් ගෙවීමකින් තොරව සිය ගිණුම් මකා දැමීමට තම සේවාදායකයන්ට ඉඩ සලසා ඇති බව‘ඈශ්ලි මැඩිසන්’ වෙබ් අඩවිය  බීබීසී පුවත් සේවය වෙත සඳහන් කර තිබෙනවා.

 

22 44 11 33

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!