ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ජපානය සහ කොලොම්බියා අතර ඊයේ (19) පැවති තරඟයේදී ගෝල 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ජපානය සමත් වුණා.
ලෝක කුසලාන පාපන්දු තරඟාවලියකදී ආසියානු රටක්, දකුණු ඇමරිකානු කණ්ඩායමක් පරාජය කළ පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්.
මේ අතර මෙම තරඟයෙන් පසු ජපාන ජාතිකයන්ගේ වැඩක් ගැන සමාජජාල මාධ්‍යයන්වල වැඩියෙන් කතාබහට ලක්වෙනවා.
ඒ තමයි තරගය නැරඹීමට පැමිණි සිටි ජපන් ජාතිකයන් ක්‍රීඩාංගනය පිරිසිදු කරන අයුරුයි.
ඉතින් මේ වීඩියෝව දැකපු ගොඩක් අය කියන්නේ ජපන්නු වෙනස් ජාතියක් කියන්නේ ඒක නිසා කියලයි.
මේ එම වීඩියෝවයි.