Gossip

හින්දි නලුවොත් පරදින හැන්ඩි දොස්තර ප්‍රසාද්ගේ ලංකාවම හොල්ලපු පැජනට් හතර

වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය  විසින් සංවිධානය කළ ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් පැවැත්වූ අති දැවැන්තම මෝස්තර නිරූපන තරගාවලියේ අවසන් මහා තරගය (16)  රාත්‍රියේ කොළඹ ගලදාරි හෝටල් පරිශ්‍රයේදී අතිඋත්කර්ශවත් අයුරින් පැවැත් වූනි.
ශ්‍රී ලංකාවේ පළමු වතාවට සංචාරක අමාත්‍යංශයේ පූර්ණ සහයෝගය ඇතිව පැවැත් වූ මෙම නිරූපන තරගාවලියේ අවසාන මහා තරගය දැක බලා ගැනීමට සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ගරු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ද පැමිණ සිටි අතර කොළඹ පුරපතිනි රෝසි සේනානයක මහත්මිය හා ජනාධිපති සොයුරු ඩඩ්ලි සිරිසේන මහතා මෙන්ම මෙරට ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාද විශේෂ ආරාධිතයින් සේ මෙම අවස්ථාවට සහභාගී විය.
මෙරට හා පිටරට ප්‍රවීන විනිශ්චය මණ්ඩලයක් විසින් මෙම අවසන් මහා තරගය විනිශ්චය කළ අතර මෙම තරගයේ  ජාත්‍යන්තර අධ්‍යක්ෂිකා Christine Shritine Huang මහත්මිය, සිංගප්පුරුවේ ප්‍රවීන රංගන ශිල්පිනියක් වන  Anna Tarmita මහත්මිය හා  Bosinia Mister Ocean 2017 කිරුල හිමි කරගත් Ermin Poturak මහත ද විනිශ්චය මණ්ඩලයේ අසුන් ගැනීම සුවිශේෂී සිදුවීමක් විය.
එමෙන්ම  මෙරට මෙන්ම පිටරට අතිදැවැන්ත ව්‍යාපාරික ආයතන ගණනාවක් මෙම කටයුත්තේදී වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය සමග අත්වැල් බැදගෙන සිටි අතර  ජපානයේ වෙසෙන ප්‍රකෝටිපති ව්‍යාපාරික  යොහාන් බණ්ඩාර මහතා විශේෂයෙන්ම මෙම කටයුත්ත සඳහාම ඊයේ දිවයිනට පැමිණ සිටියේය.  වීරත් කොලිගේ නායකත්වයෙන් යුතු රෝයල් කණ්ඩායමේ දිරිගන්වන්නෙකු වන සුකුමාර් කුමාර් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටීම සුවිශේෂී සිදු වීමක් විය. මීට අමතරව මෙරට ප්‍රකට දේශපානඥයින් මෙන්ම  ශ්‍රී ලංකාවේ ජනකාන්ත නළු නිලියන්, ප්‍රවීන මෝස්‌තර නිරුපන ශිල්පීන් හා ශිල්පිනියන් මෙන්ම ප්‍රභූන් ගණනාවක් මෙම අවස්ථාවට ආරාධිතයින් සේ සහභාගී වී සිටියේය.
Miss Tourism SriLanka to Miss Tourism World 2018, Mister Ocean SriLanka to Mister Ocean International 2018, Global Charity Queen 2018 සහ The Young Beauty of SriLanka 2018 යන තරග අදියරයන් 4ක් යටතේ අවසාන වටයට තේරුණු තරග කරුවන් හා තරග කාරියන් 32ක් ඊයේ පැවැති මෙම අවසන් මහා තරගයේදී  තරග වැදුනු අතර, Global Charity Queen 2018 ලෙස සේයන්සා සංජීවනී මෙහිදී කිරුල පැලදීය. Miss Tourism SriLanka to Miss Tourism World 2018 කිරුල සංජනා හේවගේ දිනාගත් අතර Mister Ocean SriLanka to Mister Ocean International 2018 කිරුල හිමි කරගත්තේ ජෙරොෂ් ජෙරම් ය. කෙසරී වැලිකලගේ The Young Beauty of SriLanka 2018 තරගයේ කිරුල හිමි කරගත්තේය.
මෙම ජයග්‍රාහකයින්ට වටිනා මුදල් ත්‍යාග හිමි වූ අතර සිංගප්පුරුවේ, තායිලන්තයේ හා ප්‍රංශයේ  සංචාරය කිරීමට  සියලු පහසුකම් ලබා දීමට ද තරග සංවිධායකයින් වන පී. ඩී. එන්ටටේට්මන්ට් ආයතනය කටයුතු කර ඇත. මීට අමතරව සියලුව ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට නුවරඑළියේ අරලිය හෝටලයේ නිවාඩුවක් ගත කිරීමට ද  අවස්ථාව සැලසී ඇත.
ලෝකයේ මේ දක්වා කිසිදු මෝස්තර නිරූපන තරගයක නොපැවැති සුවිශේෂී වූ අංගයක් නිසා මෙම තරගාවලිය කෙරෙහි දෙස් විදෙස් අවධානය යොමු වී තිබුණි. එනම් තරගාවලියේ සියලු තරග වටවලදී සහභාගීවන තරග කරුවන් හා තරගකාරියන් ලබා ගන්නා ලකුණු ප්‍රමාණයන් එසැනින් සියලු දෙනාටම දැන ගැනීමේ හැකියාව ඇතුව මෙම තරගාවලිය පැවැත්වීමයි.
මෙවැනි විනිවිධ භාවයකින් යුතුව නිරූපන තරගාවලියක් ලංකාවේ කෙසේ වෙතත් ලෝකයේම මෙතෙක් පවත්වා නොමැති බවට නිරූපණ කේෂ්ත්‍රයේ ප්‍රවීණයින් පෙන්වා දෙයි.
මෙම  තරගවල ප්‍රධාන පුහුණු කරු (main choreographer)ලෙස සේනක ද සිල්වා මහතා කටයුතු කළ අතර සහය පුහුණු කරු ලෙස (assistant choreographer)
 නික් ජයමහ මහතා ද නිල ඡායාරූප ශිල්පියා ලෙස ප්‍රවීන ඡායාරූප ශිල්පී දයාන් විතාරන මහතා ද නිල රූපලාවන්‍ය ශිල්පිනය ලෙස රමණී ප්‍රනාන්දු මහත්මියද මෙහි කටයුතු කළේය.
ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර පැවැත් වූ එම අති දැවැන්ත මෙන්ම සුවිශේෂී මෝස්තර නිරූපන තරගාවලියේ විශේෂ අවස්තා පහතින් නරඹන්න
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!