ශ්රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ වූ ඊයේ තරගයේදී විනිසුරුවන් විසින් ශ්රී ලංකා කණ්ඩායමට පන්දුව පලුදු කළා යැයි චෝදනාවක් එල්ලකළා.
මෙම චෝදනාවට ශ්රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ නායක දිනේෂ් චන්දිමාල් විනිසුරුවන්ට දැඩි විරෝධයක් එල්ල කරමින් කළා.
මෙම ආන්දෝලනාත්මක සිද්ධිය ඇතිවුණේ තරගයේ දෙවැනි දිනයේදී ශ්රී ලංකා ක්රිඩකයන් පන්දුව පළුඳු කළ බවට සැක කරමින් තරගය ආරම්භ කිරීමට පෙර පන්දුව වෙනත් පන්දුවකට මාරු කිරීමට විනිසුරුවෝ තීරණය කිරීමෙන් පසුවිය.
මෙම හේතුවෙන් අතිරේක ලකුණු පහක් කොදෙව් කණ්ඩායමට ප්රදානය කිරීමට විනිසුරුවන් තීරණය කළා.
තෙවන දිනයේදී ක්රීඩා කිරීම සඳහා වෙනත් පන්දුවක් තෝරාගැනීමේ අවස්ථාව ඊයේ දිනය නිමාවන විට කඩුල්ලේ රැදී සිටි කොදෙව් පිතිකරුවන්ට ලබාදීමටද පියවර ගත්තා.
එයට විරෝධයක් ශ්රී ලංකා නායකයාගෙන් එල්ල වූ අතර ඔහු සිය කණ්ඩායම සමග පිටියට නොපැමිණ දිගින් දිගටම විනිසුරුවන් සමග වාද කරගනිමින් ඔවුන්ට විරෝධය දැක්වුවා.
විවේකාගාරයට තරග තීරක ජවගල් ශ්රීනාත්ද පැමිණ ශ්රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග මෙම සිදුවීම සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කළා.
පසුව පැය 2 ක පමණ ප්රමාදයකින් අනතුරුව පෙරුවරු 11.40 ට පමණ තරගය ආරම්භ වුණා.
මෙම තරගාවලිය පුරාවටම විනිසුරුවරුන් කටයුතු කළ අකාරය ගැටලුවක් බවටද ප්රේක්ෂකයන් චෝදනා කරනවා.
තරගාවලිය පුරාවටම ශ්රී ලංකාවට අවාසි සහගත තීරණ රැසක්ම විනිසුරුවන් ලබා දුන් අතර ඒ අතර නිපන්දු සදහා දැවී යෑම්ද දක්නට ලැබුණා.