Gossip

ඔහු නිතරම කියනවා මම නිසයි මේ තැනට ආවේ කියලා – චන්දිමාල් ගැන රහසක් දෙවෙනි ඉනිමේ උදේනි හෙළි කරයි

හිමාලි සයුරංගි කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්.
ඇය මේ දවස්වල ජනප්‍රිය චරිතයක් නිසා හැමෝම කතාවෙන කෙනෙක් බවට පත්වෙලා.
ඒ තමයි දෙවැනි ඉනිමේ උදේනි.
මේ ඇයගේ අලුත්ම තොරතුරු ගැන සඳහන් ලිපියක්.

හිමාලිට වඩා දෙවැනි ඉනිමේ උදේනි ජනප්‍රියයි. කොහොමද ලැබෙන ප්‍රතිචාර..?
හොඳයි. කතාවේ කොටස් සීයෙන් සීයට වෙනස්කම් වෙනවා. රවීගේ මරණය තමයි මෙවර ඇතිවුණු වෙනස. නාට්‍යයක ඒකාකාරී බවෙන් මිදෙන්න තමයි කතාවේ විවිධ වෙනස්කම් කරන්නේ. ඉස්සරහට නාට්‍යයේ තවත් වෙනස්කම් ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන්.

මෙගා නාට්‍යවලට රංගනයෙන් සම්බන්ධවීම වෙහෙසකර නැද්ද..?
පොඩ්ඩක්වත් වෙහෙසකර නැහැ. දෙවැනි ඉනිමේ රූගත කිරීම්වලට යන්නේ ලොකු සතුටකින්.
ඒ කාර්යමණ්ඩලයේ හෝ නළු නිළියන් එක්ක වැඩ කරද්දි ලොකු සතුටක් තියෙනවා.
නමුත් වෙනත් නාට්‍යවල වැඩ කරද්දි වෙහෙසකරයි. ඒ වගේම කට්ටිය එක්ක වැඩ කරද්දි කිසිදු සතුටක් නැහැ.
දෙවැනි ඉනිමේ රූගත කිරීම්වලට පුදුමාකාර ආසාවකින් තමයි සහභාගී වෙන්නේ. ඒ අය මට ලොකු සහයෝගයක් දෙනවා. අනිත් නාට්‍යවල වගේ එපා වෙනකං රූගත කිරීම් තියෙන්නේ නැහැ. කතාබහ කරගෙන හැමදේම හොඳට කලමනාකරණය කරගන්න පුළුවන්.

ටෙලි නාට්‍ය අතරමැද නොසිතූ වෙලාවක රංගන ශිල්පීන් ඉවත්වෙද්දි ඒ නාට්‍යයට අසාධාරණයක් වෙනවා කියලා හිතෙන්නේ නැද්ද..?

කෙනා අනුව මතිමතාන්තර වෙනස් වෙනවා. හැමෝම එකම අදහසක ඉන්නේ නැහැ. ඒ අයගේ වෘත්තීය මට්ටම අනුව වෙනස් වෙනවා. ඒ දේට මොකුත් කියන්න බැහැ. ඒක ඒ අයගේ කැමැත්ත වෙන්න වගේ පුද්ගලිකත්වය.
අත්‍යවශ්‍ය නළු නිළියෝ ඉවත්වීම දුකක්. නමුත් එකෙන් අසාධාරණයක් නාට්‍යයට වෙන්නේ නැහැ.

මේ වෙනකොට නිර්මාණ කීයකට විතර දායක වෙලා තියෙනවද..?
නිර්මාණ හැටකට විතර දායක වෙලා තියෙනවා.

හිතෙන්නේ නැද්ද හිමාලිගෙන් සීමාවට දායකත්වය අඩුයි කියලා.
දායකත්වය ලබාදෙන්න මට ලැබෙන අවස්ථා අඩුයි. හොඳ චරිත ලැබුණා නම් මටත් සිනමාවට දෙයක් කරන්න පුළුවන් කියලා විශ්වාසය තියෙනවා.
එදා සිනමාවේ හිටපු ප්‍රවීණයන්ට ලැබුණු දේවල් දැක්කම අනේ අපටත් එහෙම අවස්ථා තිබුණානම් කියලා හිතෙනවා.
එහෙම අවස්ථාව ලැබෙන්නෙම නැති තරම්. මම හිතන්නේ මට ගැලපෙන කලාත්මක සිනමාව.

ඒ කියන්නේ සිනමාවට ඔබට ආරාධනා ලැබෙන්නේ නැහැ කියලද..?
බොහොම අඩුවෙන් තමයි ආරාධනා ලැබෙන්නේ. දෙයක් කරන්න පුළුවන් චිත්‍රපට ලැබෙන්නේ නැති තරම්. ඒ නිසා මට සිනමාව මගහැරිලා තියෙනවා.

දුකක් නැද්ද හිමාලිට..?
ගොඩක් දුකයි. මගේ මේ කාලය අපරාදේ කියලා හිතෙනවා. මගේ දක්ෂතාව සිනමාවෙන් එළිදක්වන්න තිබුණානම් කොච්චර හොඳද කියලා හිතෙනවා. ඒකට වාසනාව ඕනේ.. වාසනාවේ දොර මට විවර වෙලා නැහැ.

අලුත් පරම්පරාව ගැන මොකද හිතන්නේ..?
අපි කාලයක් තිස්සේ ලබපු පුහුණුව ඇතැම් වෙලාවට ඔවුන්ට සහජයෙන්ම පිහිටලා තියෙනවා. සමහර ළමයි රංගනයට ආධුනිකයන් කියලා හිතන්නේ නැහැ. කැමරාව ඉස්සරහට ආවහම. අද දක්ෂයෝ ගොඩක් ඉන්නවා. රංගනයෙන් විතරක් නෙවෙයි ගායනය සංගීතය පැත්තෙනුත් එහෙමයි.

හිමාලි රංගන ශිල්පිනියක් විදිහට කොහොමද විලාසිතා තෝරාබේරාගන්නේ..?
මම මට ගැලපෙන විදිහට විලාසිතා කරන්නේ.. චාම් විලාසිතා විතරයි මට ගැලපෙන්නේ.. මම ආසයි චාම් විදිහට අදින්න.

චන්දිමාල් ජයසිංහ ක්ෂේත්‍රයේ බොහෝ දෙනා දන්නේ ඔබේ විවාහ උත්සවය නිසා කියන්නේ ඇත්තද..?
ඔව්.. මගේ හැම විශේෂ අවස්ථාවකදිම මාව හැඬගැන්නුවේ චන්දිමාල්. ඒ නිසා මම හිතුවා මගේ විවාහ උත්සවය ඔහුට බාරදෙන්න. ඔහු ජනපිය කෙනෙක්ගේ විවාහ උත්සවයක් මීට කළින් කරලා තිබුණේ නැහැ.. නමුත් ඔහු ඉතාම ලස්සනට මාව හැඩගැන්නුවා.

ඉහළට යද්දි බොහෝ දෙනාට මුල අමතක වෙනවා. නමුත් චන්දිමාල් නිතරම ඔබව මතක් කරනවා නේද..?
ඔහු නිතරම කියනවා මම නිසා මේ තැනට ආවේ කියලා. නමුත් ඔහුගේ තියන හැකියාව, කැපවීම නිසයි මෙතැන ඉන්නේ. මම නිසා ඔහුගේ හැකියාව හැමෝටම බලාගන්න පුළුවන් වුණා විතරයි. ඇත්තටම මට ලොකු සතුටක් තියෙන්නේ ඔහු ඉන්න තැන ගැන.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!