කාන්තාවකගේ මළසිරුරක් පිඹුරෙකුගේ කුසක තිබී සොයාගත් පුවතක් ඉන්දුනීසියාවේ ගිනිකොනදික සුලවෙසි ප්‍රදේශයෙන් වාර්තා වනවා.
අඩි 27 ක් පමණ දික මෙම පිඹුරා Wa Tiba නමැති 54 හැවිරදි වියේ පසුවූ දෙදරු මවක් ගිලදමා තිබෙනවා.
දුඹුරු පැහැති කලිසමක් සහ රතු පැහැති උඩුකය ඇඳුමක් ඇය ඇදසිට ඇති අතර මළසිරුර පිඹුරාගේ කුසෙන් එළියට ගන්නා අවස්ථාවේදීත් එම ඇඳුම් එලෙසම ඇගේ සිරුරේ දක්නට ලැබී තිබුණා.
පසුගිය බ්‍රහස්පතින්දා සවස ඇයව නිවැසියන් අවසන් වරට දැක ඇති අතර පසුදින උදෑසන වනතෙක් ඇය නිවසට නොපැමිණීම හේතුවෙන් සියලු දෙනා කලබලයට පත්ව තිබෙනවා.
පසුව ඇය ගැන සොයා බලා ඇති අතර අසල්වැසියන්ට ඇගේ සෙරෙප්පු, ඇය අත තිබූ පිහියක් සහ ඇගේ විදුලි පන්දම නිවසින් මීටර් 30 ක් පමණ දුරින් තිබී හමුවී තිබෙනවා.
ඇයගේ දරුවන් දෙදෙනාට පසුව නෙරාආ විශාල උදරයක් සහිත පිඹුරා හමුව ඇති අතර පොලිසියට මේ ගැන දැනුම්දී පිඹුරා මරා අනතුරුව මවගේ සිරුර සොයාගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
වීඩියෝව පහතින්..