Gossip

ලස්සන වැඩි නිසා සෞදියට ඇණයක් වී පිටුවහල් කරපු තරුණයා ලොවක් වසඟ කර ගනියි

“පෙනුමෙන් කාන්තාවන්ව වරදට පෙළෙඹවීම” කියන වරදට සෞදියෙන් තරුණයෙක්ව පිටුවහල් කරන්නෙ 2013 ආයෙ ඒ රටට එන එකත් තහනම් කරමින්.

මෙහෙම පිටුවහල් කරපු කෙනා තමයි ඕමාර් බෝර්කන්.

කොහොමවුණත් ගැහැනුන්ව වශී කරන ඇස් යුගලක් මෙයාට තියෙනවා කියලා තමයි කියන්නේ.

රියාද් නුවර ආගමික උත්සවයකදි ඕමාර්ව දැකපු කාන්තාවන් ඔහුගෙ පෙනුමට වශී වෙලා ඔහුගෙ පස්සෙන් එන නිසාලු මොහුව පිටුවහල් කළේ.

කොහොමවුනත් ඕමාර් ලෝකයෙම අවධානයට පාත්‍ර වෙනවා.. ඕමාර් වෙනුවෙන් වැඩියෙන්ම හඬ නඟන්නෙ කාන්තාවන්.

ඒ වගේම ඔබට මතක ඇති ඕමාර්ව සෞදියෙන් පිටුවහල් කරලා කියලා දැනගත්තාම ලංකාවේ එක්තරා මෝස්තර නිරූපිකාවක් වන පියුමි හංසමාලි ඔහුව ලංකාවට එවන්න කියලාත් කියලා තිබ්බා.

කොහොමවුණත් ඒ කාන්තාවන් නිසාම ඔහුට වෙලාවකට පාරේ බැහැලා යන්න බැරි තත්වයක් උදා වෙලා තියෙනවා.

ඒත් ඕමාර්ගෙ හිත ගන්නෙ ජෝර්දාන ජාතික යස්මින් ඔවෙයිදාර් කියලා යුවතියක්.

2016 වසරේ ලෝකයේ කඩවසම්ම පිරිමින් තෝරන සමීක්ෂණ බොහෝමයක ඕමාර්ගෙ නම අනිවාර්යයෙන්ම මුල් නම් අතර තියෙනවා.

ඒ නිසා සෞදියෙන් පිටුවහල් කිරීමෙන් ඕමාර්ටනම් පාඩුවක් නම් උනේ නෑ. මහා බ්‍රිතාන්‍ය තමයි ඔහුගෙ නවාතැන්පොළ.

ඒ වගේම තමයි ඕමාර් දැන් එක් දරු පියෙක්.

මේ ඔහුගේ ඡායාරූපයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!