Gossip

ඇඳුම කොටවෙලා උඩින් නෙට් රෙද්දක් දාලා ඒක ඇතුළෙන් කකුල් දෙක පේනවා දැක්කම නළියන කට්ටියට ඊළඟ දවසේ බුර්කාවක් ඇඳලා පින්තූරයක් දාන්නම්

පසුගියදා පැවති චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට සහභාගී වූ අයගේ ඇඳුම්වලට යම් යම් විවේචන එල්ල වුණා. මේ විවේචන එල්ල වූ අය අතර නව පරපුරේ ජනප්‍රිය නිළි ශලිනි තාරකාත් හිටියා. ඉතින් ශලිනි මේ ගැන සති අන්ත පුවත්පතක් සමග අදහස් දක්වා තිබුණා. මේ එම අදහසයි.

‘කට්ටියටම පොදුවේ කියන්න තියෙන්නේ මෙච්චරයි.අපි එකිනෙකා දකින විදිහ වෙනස් කැමැත්තක් වෙනස් කෙනෙක්ට ලස්සන දේ තව කෙනෙක්ට අවලස්සන වෙන්න පුළුවන්. අපි හිතන පතන විදිහ වෙනස්. ජීවත්වන පරිසරය වෙනස්.

ඉතින් මගේ පෞද්ගලික ජීවිතයේ මට කැමති අයුරින් අදින්න කොටට හෝ දිගට අඳින්න මට අයිතියක් තියෙනවා ඔබට වගේම. ඒ මගේ කැමැත්ත. තිරයේදී ඒ ඒ චරිතවලට අනුව ඇඳුම් ඇන්දත් සාමාන්‍ය ජීවිතයේ තමන්ට අවශ්‍ය ආකාරයෙන් ඇඳුම් අඳින ඕනෑම අයෙකුට නිදහසක් තියෙනවා.

මගේ රංගනය සහ නිර්මාණ ඇති තරම් විවේචනය කරන්න එයයි විය යුත්තේ. පෞද්ගලික ජීවිතය නෙමේ.

ඇඟ වැහෙන්න ඕන තැන් ටික වහගෙන ඇඳුම කොටවෙලා ඒකට උඩින් නෙට් රෙද්දක් දාලා ඒක ඇතුළෙන් කකුල් දෙක පේනවා දැක්කම නළියන කට්ටියට ඊළඟ දවසේ බුර්කාවක් ඇඳලා පින්තූරයක් දාන්නම්. කරුණාකරලා දූපත් මානසිකත්වයෙන් මිදෙන්න. මේ ඇඳලා ඉන්නේ බිකිනියක් නෙමේ. අනිත් එක theme එක ගැන කතා කරපු අයට දැනගැනීම පිණිස ඒක Royal and Hollywood. මේක දැම්මේ දැනුවත් කිරීමට මිසක් වාද කිරීමට නොවේ. ඒ නිසා තමන්ගේ කාලය කමින් මේ කමෙන්ටුව යටින් වාද විවාද කරගෙන යන්න වැඩ නැති චූටි නංගිලාට දැන් ඉතින් අවසර. මට නම් ඒවට සහභාගි වීමට කාලය නැති බව දන්වමි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!