බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස හයකින් ගෙවී යන ලෙස බරපතල වැඩ සහිත වසරක සිර දඩුවම් නියම කෙරුණා.
ඒ්, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට හෝමාගම අධිකරණය තුලදී මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාව මත හෝමාගම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උදේශ් රණතුංග විසින් මෙම නිෙයා්ගය දී තිෙබනවා.
ඊට අමතරව ඥාණසාර හිමියන්ට රුපියල් තුන්දහසක දඩයක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළා