Gossip

ලංකාවට කින්ඩි දාපු ඩිවිලියස් ගැන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සංගා, මහේල සහ ඇන්ජලෝ ට්විටර් ගණුමේ දැමූ සටහන් මෙන්න – Photos

ඒබී ඩිවිලියස් පසුගියදා ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නා.
ඩිවීලියස්ගේ සමුගැනීම ගැන ලෝකයේ බොහෝ දෙනා දුක්වෙද්දී ශ්‍රී ලාංකිකයන් විදිහට අපේ ප්‍රේක්ෂකයනුත් ඔහු වෙනුවෙන් දුක්වුණා.
ඒ ඔහුගේ මහත්මා ක්‍රීඩාවිලාසය නිසා.
නමුත් ඒ සියල්ල කුණුකූඩයට ඇදදමමින් ඩිවිලියස් සහ විරාත් කෝලි සමඟ සමාජජාල වීඩියෝ නිෂ්පාදකයන් දෙදෙනෙක් සිදුකළ සංවාදයක් කතාබහට ලක්වෙමින් තිබෙනවා.
මෙහිදි ඉදිරිපත් කරන්නන් විරාත් කෝලීගෙන් “ඔබලා නිතරම ශ්‍රී ලංකාව සමග ක්‍රීඩා කිරීම නවතා දැමීමට නොහැකිදැයි” ප්‍රශ්නයක් අසනවා.

වි‍රාත් කෝලී වෙනුවට මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට ඉදිරිපත් වන ඩීවිලියර්ස් පවසන්නේ ශ්‍රී ලංකාව සමග ක්‍රීඩා කරන විට එය ක්‍රිකට් තරගාවලියක් බවට පත් නොවෙන බවයි.
(ඕෆ් සීසන්) ඩීවිලියර්ස්ගේ ප්‍රකාශයට සැවොම උස් හඩින් සිනාසෙන අතර ඉන්පසු විරාත් කෝලීට ඩීවිලියර්ස් පවසන්නේ “ඔබලා කවදාවත් ඔවුන්ට (ශ්‍රී ලංකාවට) පරදින්නෙ නෑ, ඉතින් එය ඕෆ් සීසන් එකක් බවට පත් වෙනවා” යනුවෙනි.

මෙහිදි විශේෂත්වය වන්නේ ඩීවිලියර්ස් සමු ගැනීමේ තරගයකට හෝ ක්‍රීඩා නොකරම අන්තර්ජාතික පිටියෙන් සමු ගැනීමයි.
දකුණු අප්‍රීකානු කණ්ඩායමේ මීළග තරගාවලිය යෙදි තිබෙන්නේ එළබෙන ජූලී මාසයේ ශ්‍රී ලංකාව සමග වන අතර ඇතැම් ක්‍රිකට් රසිකයන් මත පළ කර තිබුනේ ශ්‍රී ලංකාව සමග සමුගැනීමේ තරගයකට හෝ ක්‍රීඩා කිරීමට ඩීවිලියර්ස් අකමැති නිසා, සමුගැනීමේ තරගයක් නොමැතිවම ඩීවිලියර්ස් අන්තර්ජාතික පිටියෙන් සමුගත් බවයි.
මේ අතර ඩිවිලියස්ගේ සමුගැනීම සම්බන්ධයෙන් ලෝකයේ විශ්ෂ්ඨ ක්‍රීඩකයින් රැසක් ට්විටර් පණිවුඩ තබා තිබෙනවා.
මේ අතර ලංකාවෙන් බිහිවුණු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර , මහේල ජයවර්ධන දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්සද සිටිනවා.
ඔබ හැමවෙලේම ශ්‍රී ලාංකිකයන්ගේ ආදරයට ලක්වුණා යනුවෙන් දිමුත් ට්විටර් ගිණුමේ සටහනක් දමා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!