Gossip

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වෙඩි පහරකින් අවසන් ගමන් යයි – සියලු විස්තර මෙන්න

රත්මලාන ප්‍රදේශයේ ඥානේන්ද්‍ර පාරේ ඊයේ රාත්‍රී 08.30ට සිදුවු වෙඩි තැබීමකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ

මියගොස් ඇත්තේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් ද වන 62 හැවිරිදි කේ. රංජන් ද සිල්වායි.

සිය නිවසේ මිදුලේ මිතුරන් සමග කතා කරමින් සිටින විට කාර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවත් නාගරික මන්ත්‍රිවරයාට වෙඩි පහරවල් 12 ක් පමණ එල්ල වී ඇති බවද වාර්තා වනවා.

වෙඩි තැබීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

වෙඩි තැබීමට හේතුවක් හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වි නැහැ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!