Gossip

වේලුපිල්ලේ ප්‍රභාකරන් මුලතිව් වයික්කාල් ප්‍රදේශයෙන් මතුවෙයි – සිවිල් වැසියෙකුට හමුවූ ඡායාරූප මෙන්න

මුලතිව් මුල්ලි වයික්කාල් ප්‍රදේශයේ සාමාන්‍ය වැසියෙකුට හමු වී ඇති ප්‍රභාකරන්ගේ පෞද්ගලික ඡායාරූප ඇල්බමයේ ඔහු පිළිබඳ වටිනා ඡායාරූප සියල්ලක්ම විනාශ වී ගොස් ඇති බව මුලතිව් ආරක්ෂක අංශ පවසනවා.

සාමාන්‍ය වැසියෙකුට වළකින් හමු වූ මෙම ඡායාරූප ඇල්බමයේ ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් තිබෙණු දැක එය පොලීසියට බාර දී තිබෙනවා.

මුලතිව් පොලීසිය හා පළාතේ ආරක්ෂක අංශ මේ පිළිබදව කළ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ එම ඡායාරූප ඇල්බමය එල්.ටී.ටී.ඊ.නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පෞද්ගලික ඡායාරූප ඇල්බමයක් බවයි.

මෙම ඇල්බමය වළ දමන ලද පුද්ගලයා එය සුරක්ෂිත කොට වළ දමා නොතිබීම නිසා එම ඇල්බමයේ තිබූ වටිනා ඡායාරූප සියල්ලම විනාශ වී ගොස් ඇති බව ආරක්ෂක අංශ කියා සිටියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!