18 හැවිරිදි ගැබිණි බිරිඳගේ දරුගැබ විනාශ කරන ලෙස බල කර ඇයට අමානුෂික ලෙස කළ පහරදීමක් සම්බන්ධයෙන් තරුණයෙකු සැක පිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ඒ මිනුවන්ගොඩ ජාපාලවත්ත ප්රදේශයේයි.
මීට මාස 04 කට පමණ පෙර මොවුන් දෙදෙනා විවාහ වී ඇති අතර පහර කෑමට ලක්වන විටදී ඇය එක් මස් ගැබිණියක් බවයි වාර්තා වුනේ.
මෙලෙස ඇයගේ දරුගැබ විනාශ කරන ලෙස බල කරමින් බලහත්කාරයෙන් වේදනා නාශක පෙති 15 ක් එකවර පොවා කොසු මිටක් කැඩෙනතුරු සැකකාර තරුණයා තම බිරිඳට පහර දී තිබෙනවා.
කෙසේ වෙතත් සැකකාර සැමියා විසින් ඇප ඉල්ලීමක් කලද එය ප්රතික්ෂේප කළ මිනුවන්ගොඩ මහෙස්ත්රාත් සහ දිසා විනිසුරුවරිය සැකකරුව ලබන 16 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කර තිබෙනවා.