Gossip

කාන්තාවන් දෙන්නෙක්ට කරපු අමුතු ගුරුකම

කාන්තාවන් දෙදෙනකුට යන්ත්‍ර මන්ත්‍ර ගරුකම්වලින් සිතූ පැතූ දේ ලබාදෙන පවසා ඔවුන්ට බරපතළ ලිංගික අපයෝජන හා ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාවන්ට ලක්‌වූ පුද්ගලයෙක්‌ සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මින් එක්‌ කාන්තාවක්‌ නැන්දම්මා සමග ඇති විරසකය අවසන් කර ගැනීමටත් දරුඵල නැතිව සිටි අනෙක්‌ කාන්තාවට දරුවෙක්‌ ලබා ගැනීම සඳහාත් මෙම ගුරුකම් කරවා ගැනීමට අවශ්‍ය වී තිබූ බව වාර්තා වේ.

මෙම සිද්ධිය සිදුවී ඇත්තේ වින්දිත කාන්තාවන් පදිංචි නිවසට නුදුරු නිවසකදීය. ඒ අනුව පසුගිය 28 වැනි දින එම කාන්තාවන් දෙදෙනා ගුරුකම් කර ගැනීමට එම නිවසට පැමිණ ඇත. ඔවුන් එම නිවසේ කාමරයකට විටින් විට කැඳවා ගත් සැකකරු කාන්තාවන් නිරුවත් කරමින් ශරීරවල තෙල්ගාන්නට පටන් ගෙන ඇත. මෙහිදී සැකකරුගේ නොමනා හැසිරීම් ගැන කාන්තාවන්ට සැකසිතී ඔහුගේ ග්‍රහණයෙන් මිදී පිටතට පැමිණ ඇත. අනතුරුව කාන්තාවන් සිය ඥතීන්ටද සිද්ධිය දන්වා සැකකරු අල්ලගෙන පොලිසියට පැමිණිලිකර ඇත. අනතුරුව පොලිස්‌ නිලධාරීන් අදාළ නිවසට ගොස්‌ සැකකරු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. 30 හැවිරිදි සැකකරු හලාවත මුන්නේශ්වරම් ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.

මීට පෙරද මෙම පුද්ගලයා අදාළ නිවසට පැමිණ ප්‍රදේශවාසීන්ට ගුරුකම් කර දී ඇති අතර ඒවා නිවැරදි බවට ඇතිවූ විශ්වාසය මත මේ කාන්තාවන් දෙදෙනාද සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට පෙළඹී ඇති බව පොලිස්‌ විමර්ශනවලදී අනාවරණය වී ඇත. වින්දිත කාන්තාවන් අවුරුදු 19 හා 20 යන වයස්‌වල පසුවන්නන් වෙති. මේ අතර ප්‍රදේශයේ තවත් පුද්ගලයෝ තිදෙනකුද සැකකරුට විරුද්ධව පැමිණිලි කිරීමට පොලිසියට පැමිණ ඇති බව වාර්තා වේ.

සැකකරු පසුගිය 30 දින මඩුල්ල මහෙස්‌ත්‍රාත් කෝසල ඉලංගසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 14 වන දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඒ මහතා නියෝග කළේය. එදිනට වින්දිතයින්ගේ වෛද්‍ය වාර්තා සමග විත්තිකරු ඉදිරිපත් කරන ලෙසට ඒ මහතා පොලිසියට නියෝග කළේය.

ගලේවෙල පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ජානක විතානාරච්චි මහතාගේ උපදෙස්‌ පිට ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස්‌ පරීක්‍ෂිකා ෂානිකා මහත්මිය පරීක්‍ෂණ පවත්වයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!