Gossip

“තාත්තාට කෙල්ලව වඩාගෙන සිටීමට අම්මා අවසර දෙන කාලය ඉකුත් වීමට දැන් ආසන්නය. ඒත් තාත්තාට අදටත්, හෙටටත් කෙල්ල කෙල්ලමය”

දරු සෙනෙහස වගේම මව්පිය සෙනෙහසටත් මේ ලෝකේ කළ නොහැකි දෙයක් නෑ.
පුංචි කාලෙදි අපි අම්මා තාත්තගේ අතේ දැවටිලා තුරුලේ හැංගිලා සතුටින් කාලය ගෙවනවා.
ඒත් කාලය ගෙවිලා යද්දි ටික ටික උස්මහත් වෙද්දි ඒ සමීපකමෙන් ඈත් වෙන්න සිද්ධ වෙනවා.
ගැහැණු ළමයෙකුට එයාගේ ලෝකේ වීරයා තාත්තා වෙනවා කියලා කතාවක් තියෙනවා.
ඉතිං පුංචි දියණියක් තාත්තාට සමීපවෙන හැටි ගැන ලියැවුණු අපූරු සටහනක් අපිට හමුවුණා.

එම සටහන පහතින්..

තාත්තෙක් වීම ලේසි නැත. කෙල්ලෙක්ගේ තාත්තා වීම කොහොමත්ම ලේසි නැත.
කෙල්ලගේ ජීවිතයේ වීරයා තාත්තාය. තාත්තාට බැරි දෙයක් නැති බවත්, තාත්තා නොදන්නා දෙයක් නැති බවත්, තාත්තා මාර පොරක් බවත් කෙල්ල සිතා සිටීම ඊට හේතුවයි.
කෙල්ල අම්මා එක්ක දාගන්නා වලි සියල්ලේ ඇරියස් කවර් කරන්නේ තාත්තාගෙනි.
අම්මා එපා කියූ සියල්ල කරන්නට පර්මිෂන් ගන්නේ ද තාත්තාගෙනි.
එසේ පර්මිෂන් දුන් කළ අම්මා තාත්තා සමග වලි දාගන්නා බව කෙල්ලට අදාල නැත.
කෙල්ලගේ ලෝකයේ වීරයා තාත්තා ය. ඉතිං අම්මා සමග දාගන්නා වලි වලින්ද තාත්තා දිනන බව කෙල්ලට ෂුවර් ය.
තාත්තා යන්නේ කොතැනද ඒ ඕනෑම තැනකට එල්ලී ඒමට කෙල්ල දත කට මැදගෙන සිටී. හැන්දෑවට පොඩ්ඩක් සෙට් වෙන්න හැදුවද ඉස්සෙල්ලාම බලන්නේ කෙල්ලගේ මූඩ් එක කොහොමද කියාය. කෙල්ල ෂේප් නම් අම්මාව ගොඩ දමා ගැනීම සිම්පල් ය.
බටු ඇට ගානට හිඳිනා කෙල්ලන් ලොකු වෙද්දී උනට අවශ්‍ය කළමණාද වෙනස් වේ. ඒවට තට්ටු වෙන්තේ තාත්තාගේ පර්ස් එකටය. තාත්තාලගේ පර්ස් එක හිස් කිරීමේ මහත් වූ හැකියාවක් කෙල්ලන් සතුව තිබේ.
ඉල්ලන ඉල්ලන ඕනෙ මගුලක් තාත්තා අරන් දෙන බවට කෙල්ලන්ට ඇති විශ්වාසය ඊට හේතුවයි.
තාත්තාට කෙල්ලව වඩාගෙන සිටීමට අම්මා අවසර දෙන කාලය ඉකුත් වීමට දැන් ආසන්නය. ඒත් තාත්තාට අදටත්, හෙටටත් කෙල්ල කෙල්ලම ය.
ඒ කෙල්ල වඩාගෙන යෑමට බැරි උනත් කරේ අත දමාගෙන යාමට හෝ තාත්තාට හිඳිනා හොඳම යාළුවා ය.
කෙල්ලගේ හොඳම යාළුවා ද තාත්තා නම් , තාත්තාට කෙල්ල ගැන බය වීමට කිසි හේතුවක් නැත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!