Gossip

“මම වැරදිකරු. මට සමාවෙන්න” – ෆේස්බුක් තාත්තා සෙනට් සභාවේදී වරද පිළිගනී – Photos

ෆේස්බුක් කියන්නේ ලොව වැඩිම පිරිසක් සිටින සමාජජාල මාධ්‍ය.
ෆේස්බුක් භාවිත කරන පිරිස කෝටි 200 ඉක්මවනවා.
දවසින් දවස වැඩිවන මේ ෆේස්බුක්වලට මේ උදාවෙලා තියෙන්නේ හොඳ කාලයක්නම් නෙවෙයි.
facebook ගිණුම් හිමියන් මිලියන 70 කගේ විතර තොරතුරු ඇමෙරිකානු ජනාධිපතිවරණයට හොරෙන් ලබා ගෙන තිබෙන බව පසුගිය දවස්වල මාධ්‍ය වාර්තා කළා.
ඒ නිසා මාර්ක් සකර්බර්ග්ට සෙනට් සභාව ඉදිරියේ පෙනී සිටින්න කියලා නියෝග කළා.
අද මාර්ක් සෙනට් සභාව ඉදිරියේ පෙනී සිටි අතර එහිදී ඔහුගෙන් විමසූ කිසිවක් මාර්ක් මාධ්‍යයට පවසා තිබුණේ නැහැ.
පසුව පිටතට පැමිණි මාර්ක් සකර්බර්ග් මාධ්‍යට අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.
“ඒක මගේ වරදක්. මට සමාවෙන්න. මම ෆේස්බුක් ආරම්භ කළා. මම එය ක්‍රියාත්මක කරනවා. මෙහි සිදුවන්නේ කුමක් ද යන්න මම වගකිව යුතුයි.” මාර්ක් සකර්බර්ග් සමඟ ඔහුගේ බිරිඳත් අද සෙනට් සභාවට ඇවිත් සිටියා.
ෆේස්බුක් දත්ත සොරා ගැනීමෙන් බ්‍රිතාන්‍යයේ විපතට පත් එක් අයෙකුට වන්දි වශයෙන් පවුම් 12,500 බැගින් හිමි විය හැකි බව නීතිඥවරු ඊයේ ප්‍රකාශ කළා.
කොහොම වුනත් තාමත් Facebook ආයතනයෙන් නම් වන්දි ගෙවීමක් ගැන සඳහන් කර නැති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

Facebook CEO Mark Zuckerberg arrives for a meeting with Senator Bill Nelson (D-FL) on Capitol Hill in Washington, U.S., April 9, 2018. REUTERS/Leah Millis

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!