හෘදයාබාදයකින් මියගිය සිය මවගේ සිරුර වසර තුනක කාලයක් ශීතකරණයේ සඟවාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දියාවේ කොල්කටා හි බෙහාල් ප්‍රදේශයේ මෙම සිදුවීම සිදුව ඇති අතර පසුගිය අඟහරුවාදා අදාල පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
43 හැවිරිදි සැකකාර පුත්‍රයා සමඟ මියගොස් සිටි කාන්තාවගේ සැමියා ද කොල්කටා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
87 හැවිරිදි වියේ පසුවූ අදාල කාන්තාව 2015 වසරේ හෘදයාබාදයකින් මියගොස් තිබෙනවා.
අනතුරුව ඇයගේ සිරුර පසුගිය අඟහරුවාදා පොලිසය විසින් සොයාගනු ලැබුවේ ලද තොරතුරකට අනුවයි.
මෙම කාන්තාව එරට ආහාර සංස්ථාවේ සේවය කළ විශ්‍රාම ගොස් සිටි තැනැත්තියක් වන අතර ඇයගේ සැමියාද රජයේ රැකියාවක් කළ තැනැත්තෙක් බව සඳහන්.
සිය මවගේ විශ්‍රාම වැටුප ලබාගැනීමේ අරමුණින් මව මිය ගිය බව වසන් කරමින් ඇයගේ සිරුර මෙලෙස ශීතකරණය තුල තබාගන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලිසිය වැඩිදුර චිමර්ශන සිදුකරන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
