Gossip

ෆොන්සේකා එ.ජා.ප. එයිද – හිටපු බෑනාත් ඡන්දය ඉල්ලයිද?

ධනුන තිලකරත්න කියන්නේ කාලයක් කතාබහට ලක්වුණු චරිතයක්නේ. ඒ තමයි සරත් ෆොන්සේකාගේ දියණික වන අප්සරා ෆොන්සේක සමඟ කාලයක් විවාහ වෙලා හිටියා. හැබැයි දැන්නම් ඒ විවාහය දෙකඩ වෙල තියෙන්නේ.

කොහොම වුණත් දැන්නම් කියන්න යන්නේ ඒ ගැන නම් නෙවෙයි. ඔන්න ධනුන තිලකරත්න දේශපාලනයට එන්න අඩිය තියලා කියලා වෙබ් ගොසිප් වෙත වාර්තා වෙනවා. ඒ එළඹෙන මහ මැතිවරණයෙන් නැගෙනහිර කොළඹින් තමයි ධනුන දේශපාලනයට කළඑලි බහින්න යන්නේ.

වෙබ් ගොසිප් වෙත වාර්තා වන අන්දමට සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන්මලු ධනුන ඡන්දය ඉල්ලන්න හදන්නේ.

කෙසේ වෙතත් වෙබ් ගොසිප් මේ සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජ්‍යේෂ්ඨ පුද්ගලයෙකුගෙන් විමසු අවස්ථාවේදී ඔහු කියා සිටියේ එය අසත්‍යය ප්‍රචාරයක් බවයි.

ඒ අනුව තම මහ මැතිවරණය සඳහා ලබාදෙන නාම යෝජනා  ඉදිරි දින කිහිපය ඇතුළත ප්‍රසිද්ධ කරන බවද එම ප්‍රකාශකයා වෙබ් ගොසිප් වෙත කියා සිටියේය.

මේ අතර  ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා එ.ජා.පයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහ මැතිවරණය සඳහා තරඟ වැදීමට යන බව රාවයක් පැතිරෙමින් පවතිනවා.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙකු සමඟ සරත් ෆොන්සේකා මහතා සකච්ඡා කර ඇති බවද සඳහන් වෙයි.

කෙසේ වෙතත් එම දිස්ත්‍රික්කයෙන් තෝරාපත් කරගන්නා ලබන නියෝජිතයින් සංඛ්‍යාව පිළිබඳ මේ වන විට  ගැටලු සහගත තත්ත්වයක් උද්ගතවීම හේතුවෙන් එම තීරණය පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත්  ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙකුගෙන් මේ සම්බන්ධයෙන් වෙබ් ගොසිප් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එය නිවැරදී නොවන රාවයක් බවයි.

 

 

 

 

 

 

 

 

danu-@-sarath

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!