පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව පාසල් සිසුවියක් ප්‍රාදේශීය සභාව සඳහා තේරී පත්ව තිබෙනවා.
නාත්තණ්ඩිය කුඩාවැව පදිංචි චන්දි සුබා තෙන්නකෝන් නම් වන ඇය මේවන විට නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරමින් සිටිනවා.
ඒ අනුව මේ වසරේ උසස් පෙළ විභාගයට සූදානම් වන ඇය මේ වන විට නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාව සඳහා ලැයිස්තුගත නියෝජිතවරියක් සේ කටයුතු කිරීමට සුදුසුකම් ලබා ඇති බවයි වාර්තා වන්නේ.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ඇය සිය කුළුඳුල් ඡන්දය තමන් වෙතම භාවිත කළාය.