පසුගිය තරගවලදී අවස්ථා දෙකකදීම මුෂ්ෆිකර් රහීම් විසින් නයා පෙන්වූ සිද්ධිය ලොකු කතාබහක් ඇති කළා.
අද එයට කදිම පිළිතුරක් තිසර පිත්තෙන් ලබාදුන්නා.
එයින්ද නොනැවතී මුෂ්ෆිකර්ගේ උඩපන්දුව ඉතාමත් සුපිරි අයුරින් ලබාගෙන දෙවැනි වරටත් තිසර ඔහුට පිළිතුර දුන්නා.
ඒ වගේම මුෂ්ෆිකර් ලකුණු 32 කට දැවී යද්දී ප්‍රේක්ෂකයන් සියලු දෙනාම නයා පෙන්වීමද විශේෂත්වයක් වුණා.