Gossip

පරාජයේ වේදනාව දරාගත නොහැකිවූ බංගලියන් පිටිය මැද යකා නටමින් ක්‍රීඩාවට කළු පැල්ලමක් එක්කරයි – ජයෙන් පසුවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමඟ ගැටෙයි – Photos

නිදහස් කුසලාන තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීම සඳහා තීරණාත්මක තරගය වන බංග්ලාදේශ ශ්‍රී ලංකා තරගය මේ වනවිට පැවැත්වෙනවා.
කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 159 රැස් කළා.
කුසල් ජනිත් පෙරේරා පන්දු 40 කදී ලකුණු 66 ක් ලබාගෙන ශ්‍රී ලංකා ඉනිම සුපිරි ස්ථානයකට ගෙන ඒමට සමත්වුණා.
ඒ වගේම තරගය පුරාම ලොකු කතාබහක් ඇතිකළ මුෂ්ෆිකර් රහීම්ගේ නයාට කදිම පිළිතුරක් ලබාදෙමින් තිසර පෙරේරා ලකුණු 58 ක් රැස් කළා.
බොහෝ දෙනා පැවසුවේ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකරමින් අද තිසර මුෂ්ෆිකර් රහීම්ට ඇඬෙන පිළිතුරක් ලබාදුන් බවයි..
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පැමිණි බංග්ලාදේශය තියුණු සටනක් දෙමින් අවසන් පන්දුවාරයේ පස්වන පන්දුවේදී සිය ජයග්‍රහණය සනිටුහන් කරගත්තේ හයේ පහරක් සමගින්.
කෙසේ වෙතත් අවසන් පන්දුවාරයේදී ශකිබල් හසන් පිටිය මැද ක්‍රීඩා කරමින් සිටි දෙදෙනාව පිටියෙන් ඉවතට කැඳවීමට උත්සහ කළා.
ඒ ඉසුරු උදානගේ පළමු පන්දු දෙකම යොමුවෙද්දීම හිසට ඉහළින් ඇදීයාමත් සමඟයි.
තියුණු ලෙස එම පන්දු දෙක ‍යොමුවීමත් සමඟ ඔවුන්ට එය දරාගත නොහැකිව හැසිරෙන්නේ පාසල් ළමුන් පිරිසක් හැසිරෙන ආකාරයෙනුයි.
ක්‍රීඩාවේ ජීව ගුණයට කලු පැල්ලමක් එක්කරමින් තරගය අවසන්වීමෙන් පසුවත් අතිරේක ක්‍රීඩකයා සහ නායකයා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමග ගැටුමකට සැරසෙන්නේ බාලංශයක ළමුන් හැසිරෙන්නාක් මෙන්.
කෙසේ වෙතත් මෙවැනි දේ තුලින් බංග්ලාදේශටත් එක්කරන්නේ කැලලක් බවයි ප්‍රේක්ෂක සියලු දෙනාම පැවසුවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!