මහ නගර සභා සීමාව හැර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවලට අද රාත්‍රි 8 සිට හෙට අලූයම 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.
පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඊයේ (08) පස්වරු 6.00 සිට පනවා තිබු ඇඳිරි නීතිය අද උදෑසන 6.00 ට ඉවත් කෙරුණා.