Gossip

සිදුවන්නට ගිය විනාශයක් වලක්වමින් පෙට්‍රල් බෝම්බ තොගයක් පොලිස් භාරයට

පේරාදෙණිය පොලිස් බල ප්‍රදේශයේ තිබී පෙට්‍රල් බෝම්බ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අද අළුයම ඉලුක්තැන්න ප්‍ර දේශයේ තිබූ පෙට්‍රල් බෝම්බ 12ක් ප්‍රදේශවාසීන්ගේ තොරතුරු මත සොයාගෙන ඇති අතර ඊයේ (08) පේරාදෙණිය ප්‍රගති මාවතේ මාර්ගය අසළ සඟවා තිබියදී ප්‍රදේශවාසීන් විසින් පොලිසියට දැනුම් දුන් පසු පෙට්‍රල් බෝම්බ 11ක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වනවා.

මේවා කවුරුන් විසින් සාදන ලද්දක්ද යන්න මෙතෙක් සොයාගෙන නැති අතර ප්‍රචණ්ඩ ක්‍රියාවන් සිදු කිරීමේ අරමුණින් යම්කිසි පිරිසක් විසින් සාදන ලද්දක් බවට පේරාදෙණිය පොලිසිය සැක කරනවා.

ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු සහයෝගය මත සිදුවීමට තිබූ විනාශයන් වළක්වාගැනීමට හැකිවූ බවද පොලිසිය පවසනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!