පහුගිය කාලය පුරාවටම ලංකාවේ සුපිරි පන්දු යවන්නා, ලසිත් මාලිංග ජාතික කණ්ඩායමේදී දැකගන්න හැකියාව ලැබුණේ නැහැ.
කොහොමවුනත් ඔහුව නැවතත් ජාතික කණඩායමේ පුහුණුවීම් වලට කැදෙව්වා කියලා නම් ආරංචි වුණා.
ඉතින් ලංකාවේ ක්රිකට් රසිකයන් හිතුවේ ආයෙත් මාලිංගගේ සුපිරි යෝකර් පන්දු බලා ගන්න අවස්තාවක් උදා වෙයි කියලා.
එ් වුනත් ක්රිකට් ප්රේක්ෂකයන් හමෝගෙම බලාපොරොත්තු බිද දමමින් මාලිංගව නිදහස් කුසලාන සංචිතයෙන් ඉවත් කරලා තිබ්බා.
තේරීම් කමිටුවේ කැපිල්ලට දිගටම අහුවෙන මාලිංග ගැන අසංක ගුරුසිංහ කතා කරලා තිබ්බා. ඔහු නම් කියන්නෛ මාලිංගගේ පහුගිය කාලයේ දක්ෂතා නොතිබුණ නිසා ඔහුව කණ්ඩායමට තෝරලා නෑ කියලා.
“මාලිංග අන්තිම දවස් කීපයේ T20 තරඟ වල දක්ෂතා පෙන්නුවා තමයි හැබැයි ඔහු පහුගිය මාස 2 බැලුවොත් වැඩිය ක්රිකට් ක්රීඩා කරලා නෑ.මාලිංග ලොකු සිත් තැවුලෙන් ඉන්නවා කියල මම දන්නවා,ඔහු මාත් එක්කත් කතා කළා,හැබැයි ලක්මාල්,ප්රදීප් කණ්ඩායමට පැමිණීම එක්ක මාලිංගට මේ සංචිතයට එන්න අමාරුයි.අපි එක තරඟාවලියක් ගැන හිතල සැලසුම් හදන්න අවසතාව දෙන්න අමාරුයි .අපේ සැලසුම තියෙන්නේ ලෝක කුසලානය ඉලක්ක කරගෙන.ඒ නිසා මම හිතන්නේ මාලිංග නැවත දක්ෂතා අතරට ආවොත් කණ්ඩායමට එයි.මාලිංග වුනත් දන්නවා එයා පහුගිය කාලේ හොඳ දක්ෂතා අතරේ හිටියේ නෑ” හැබැයි මාලිංගට තරඟ නොදී ක්රීඩා කරලා නෑ කියන එක නම් ලොකු හාස්යක්. එ් වගේම මාලිංග අවසන් කාලයේ ඉතා හොද දස්කම් දක්වද්දී පහුගිය මාසවල දස්කම් දිහා බලලා ඔහුව ඉවත් කීරීම නම් පුදුම සහගතයි” කියලා තමයි අසංක ගුරුසිංහ කියලා තිබ්බේ.