Gossip

මම කිසිම වෙලාවක පසුතැවිලි වෙන්නේ නෑ, එන එකකට කැමති වෙන්න කියනවා – චතුරිකා පීරිස්

චතුරිකා පීරිස් කියන්නේ පුංචි තිරයේ ඉන්න අහිංසකම පෙම්වතියක්.
ඇය ගැන පසුගිය කාලේ පුරාම විවිධ කතා පැතිරුනා.
මේ ඇය සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණු අලුත්ම විස්තර කිහිපයක් ගැනයි.

ඉතින් සැප දුක් කොහොමද?
හොඳයි. සැපෙන් සතුටෙන් කාලය ගත කරනවා.

චතුරිකා ආයේ පුංචි තිරයේ දකින්න ලැබෙනවා.
ඔව්. ටෙලි නිර්මාණය දෙකකට රංගනයෙන් දායක වෙනවා.

අවුරුදු කීයකට පස්සෙද ඔබව පුංචි තිරයෙන් දකින්නේ?
මම හිතන්නේ අවුරුදු 1 2/1 කට පස්සේ.

ඒ තරම් කාලයක් රංගනයෙන් ඈත් වෙන්න හේතුව ?
ගොඩක් වෙලාවට මම කළේ මාගේ නිෂ්පාදන කටයුතු.

ඉතින් පසුගිය කාලයේ මම නිෂ්පාදන කටයුතු කළේ නැහැ. රංගන කටයුතු කළෙත් නැහැ.ඒකට හේතුව වුණේ ලැබුණු ටෙලි නාට්‍යවල විශේෂයෙන් ගෙවන මුදල් පිලිබඳ ගැටළු සහගත තත්වයන් තිබුණා.

ඉතින් මම හිතුවා තිර රචනයෙන් තෘප්තිමත් වෙන්නත් සහ ලැබෙන ආර්ථිකමය පැත්තෙන් තෘප්තිමත් වෙනවා නම් තමයි මම නිර්මාණ භාර ගන්නේ කියලා.

මම සාමාන්‍යයෙන් උදේට එකයි හවසට එකයි කරන්නේ නැහැ. එක ටෙලි නාට්‍යයක් ගත්තොත් ඒ වෙනුවෙන් කැපවෙනවා. ඒ නිසා මම ආවට ගියාට නිර්මාණ භාර ගත්තේ නැහැ.

රංගනයෙන් ඈත් වෙලා හිටියට චතුරිකා පසුගිය කාලේ ගොඩක් කාර්යබහුල වුණා.
ඔව්. ගොඩක් කාර්යබහුලවෙලා හිටියේ. මම අලුතින් නිවසක් තැනුවා.ඒ දේ වෙනුවෙන් මමයි ගයානුයි ගොඩක් කාර්යබහුල වුණා.

ඊට පස්සේ එක්තරා ආයතනයක් සමඟ සම්බන්ධවෙලා එකේ සන්නාම තානාපතිනිය විදියට කටයුතු කළා.

ඒ වගේ නොයකුත් වෙන වැඩත් එක්ක ගොඩක් කාර්යබහුල වෙලා හිටියා. ඒ නිසා මට එච්චර දැනුණෙත් නැහැ වැඩ කරන්නේ නැහැ කියලා. කරන්න ලැබුණත් වෙලාවේ ප්‍රශ්නයක් තිබුණා.

දැන් චතුරිකාට රඟපාන එකත් කම්මැලි වැඩක් වගේ?
වෙන වැඩත් එක්ක කාර්යබහුල වෙලා හිටියනේ ගොඩක්. ටික කාලයක් යද්දී ඒකාකාරීවුණා.

රූ ගත කිරීම් වලට උදේ පාන්දර 5 ට නැගිටලා යන්න ඕන. ඇත්තටම ඉතින් පොඩ්ඩක් කම්මැලි හිතුණා.

දැන් මාස 6 ට විතර කලින් විතර ගයාන් කිව්වා, ඔයා දැන් කම්මැලි වෙලා ෂූටින් යන්න.

හැම එකකටම බෑ බෑ ගාන්නේ නැතුව කරුණාකරලා එන වැඩක් භාර අරගෙන කරන්න කියලා.

අලුත් නිෂ්පාදන වැඩකටයුතු පටන් ගත්තේ නැද්ද?
මමත් වැඩ ගයානුත් වැඩ. අපි දෙන්නම භාර ගත්ත වැඩ ගොඩක් තියෙනවා. ඒ වැඩ ඉවර කරගන්න ඕන.

ඒ වැඩ ඉවර කරගෙන හරියට ලෑස්තිවෙලා අප්‍රේල් මැයි වගේ නිෂ්පාදන වැඩකටයුතු පටන් ගන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා.

අදවන විට රංගන ශිල්පිනියකට තමන්ගේ චරිතෙට ලැබෙන්න ඕන මුල්‍යමය වටිනාකම ලැබෙනවද?
නැහැ. මම පසුගිය කාලේ නිර්මාණ භාර නොගන්නත් ඒක එක හේතුවක්.

ඉතින් අඩු ගණන්වලට වැඩ කරන්න මේ වෙනකොට කට්ටිය ඉන්නවා. මම කිසිම වෙලාවක පසුතැවෙන්නේ නැහැ. මොකද මාගේ කාලේ මම අවශ්‍ය ප්‍රමාණයට වැඩ කළා.

අවශ්‍ය දේ උපරිමයෙන්ම කරලා තියෙනවා. ඉතින් දැන් මේ යන කාලේ හැටියට මම තෝරා බේරා ගෙන වැඩ කරන එක ගැන පසුතැවෙන්නේ නැහැ.

ඉදිරියේදී නැවතත් ප්‍රේක්ෂකයන්ට ගයාන් සහ ඔබ එකම ටෙලි නිර්මාණයක දකින්න හැකිවේවිද?
ඒක නම් කියන්න අමාරුයි. මොකද අපේ ටෙලි නාට්‍යයේත් කොහොම අපි දෙන්නව දකින්න ලැබේද කියන්න බැහැ. එක තීරණය කරන්නේ ගයාන් අයියා තමයි.

අලුත් කෙනෙක් නාට්‍යට ගන්නවා කියලාත් කිව්වා. බලමු ඉතින්. එකකට නම් ආරාධනා ලැබිලා තියෙන්නේ හැබැයි කොහොමද කියන්න දන්නේ නැහැ.

මොකද තිරපිටපත තාම ලැබුණේ නැහැ. පොඩි චිත්‍රපටයක් කරන්න අදහසක් තියෙනවා. ගොඩක් දුරට එහි අපි දකින්න පුළුවන් වෙයි.

නෙතුසරගේ වැඩ කටයුතු කොහොමද?
නෙතුසර පුතාගේ වැඩ කටයුතු නිසා අපින් දෙන්නා වැඩ බෙදා ගෙන භාර ගන්නේ.

සමහර වෙලාවට අපි දෙන්නට යන්න බැරි වෙන අවස්ථාවලදී අපේ අම්මා හරි තාත්තා හරි තමා වැඩ බලන්නේ. දැන් නෙතුසර 4 වසරේ. දැන් චුට්ටක් එයා කියන දේ අහන්නේ නැති නිසා අයියා තමා බලන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!