බොලිවුඩයේ සුපිරි තරුවක් වූ ජනප්‍රිය නිළි ශ්‍රීදේවී කපූර්ගේ මරණය සම්බන්ධයෙන් මේවන විටත් දැඩි ආන්දෝලනාත්මක සිද්ධීන් වාර්තා වනවා.
ඇයගේ මරණය සිදු වූවේ දියේ ගිලීමෙන් බවටත් හෘදයාබාධයක් වැළඳීම නිසාවෙන් බවටත් පසුගියදා තොරතුරු වාර්තා වුණා.
එ්වගේම තමයි ඇය මියයන විට ඇගේ ශරීරයේ මධ්‍යසාර අන්තර්ගත වී තිබූ බවටද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
කෙසේවෙතත් සමහර අය පවසන්නේ ඇය සැර මත්පැන් වර්ග භාවිතයට නොගන්නා බවයි.
කෙසේවෙතත් ඇය සාදයක් අවසානයේ සිය සැමියා වන බෝනි කපූර් සමගින් යම් ස්ථානයකින් පිටව යන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේවන විට කතාබහට ලක්වෙමින් පවතිනවා.
ඉතින් බොහෝ දෙනා පවසා ඇත්තේ ඇය එහිදීද මත්පැන් පානය කර ඇති බවයි.
එම වීඩියෝවයි මේ.