රජයේ ප්‍රබල අමාත්‍යධුර හොබවන පස් දෙනෙකුට ලබාදී තිබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඉවත් කර තිබෙන බවට වාර්තා වනවා.
මෙලෙස අමාත්‍යධුර ඉවත් කර ඇත්තේ සාගල රත්නායක, රවුෆ් හකීම්, පී. දිගම්බරන්, මනෝ ගනේෂන් හා පියසේන ගමගේ යන අමාත්‍යවරුන්ගේ බවටයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
සාගල රත්නායක සහ පියසේන ගමගේ යන අමාත්‍යවරුන්ට ලබාදී තිබූ අමතර ආරක්ෂාව ඉවත් කර ඇත්තේ ඔවුන්ට ලබාදී තිබූ අමාත්‍යධුර වෙනස් වීම නිසායි.
එනම් නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස සාගල රත්නායක මහතා සහ එහි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පියසේන ගමගේ මහතා මින් පෙර කටයුතු කළා.
පී.දිගම්බරන්, රවුෆ් හකීම් හා මනෝ ගනේෂන් යන අමාත්‍යවරුන්ට පසුගිය ඡන්ද කාලයේදී විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබූ අතර ඡන්දය අවසන්වීම නිසා ඔවුන්ගේ ආරක්ෂාව ඉවත්කර තිබෙන බවටයි වාර්තා වන්නේ.