හැමෝගෙම හීනයක් තමයි තමන්ගෙම කියලා වාහනයක් ගන්න එක.
ඒත් දැන් වාහනයක් ගන්නවා කියන එක ලේසි වැඩක්නම් නෙවෙයි.
ඒකට හේතුව තමයි වාහන මිල ඉහල ගොස් තිබීම.
නැවතත් වාහන මිල ඉහළ යනවා කියලා වාහන ආනයනකරුවන්ගේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ පවසනවා.
එංජින් ධාරිතාව අඩු වාහනයක මිල රුපියල් ලක්ෂයකින් පමණ ඉහළ යනු ඇති බවයි ඔහු පවසන්නේ.
එංජින් ධාරිතාව වැඩි වාහනවල මිල ලක්ෂ එක හමාරක් හෝ දෙකකින් ඉහළ යනු ඇති බවයි සම්පත් මෙරෙංචිගේ මහතා වැඩිදුරටත් අප සමග පැවසුවේ.
වැගන්ආර් රථයක් රුපියල් ලක්ෂයකින් ටොයෝටා විට්ස් මෝටර් රථයක් ලක්ෂ දෙකකින් පමණත් ඉහළ යනු ඇති බවද ඔහු පවසනවා.
මේ දිනවල පවතින දේශපාලන අස්ථාවර බව නිසා රුපියලේ අගය පහත වැටී තිබෙනවා.
ඒ නිසා මෙලෙස වාහන මිල ඉහළ යනු ඇති බවයි ඔහු පැවසුවේ.